ශිෂ්ටාචාරගත වීමට පෙර මානවයා තම අදහස් සහ හැඟීම් ප‍්‍රකාශ කිරීමට විවිධ ක‍්‍රම අනුගමනය කළේ ය. විවිධ ඉඟි, බිඟි, ශබ්ද අනුකරණය, අවයව චලනය, ස්පර්ශය, ද්‍රව්‍ය එකිනෙකට ගැටීමට සැලැස්වීම ඒ අතර සුලභ වූ අතර විවිධ පෘෂ්ඨයන් මත සතුන්ගේ ලේ, ශාක යුෂ, අඟුරු, මැටි ආදියෙන් කුරුටු ගෑමට යොමු වීම එහි වර්ධනීය තත්වයක් ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා හොඳම උදාහරණ ‘ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා’ ගුහා චිත‍්‍රවලින් හමු වෙයි. මෙම ගුහා චිත‍්‍ර වර්තමාන චිත‍්‍ර කලාවේ ප‍්‍රාථමික අවධිය ලෙස හඳුනාගත හැකිය. චිත‍්‍ර කලාවේ ද විවිධ ප‍්‍රභේද පවතී. ඒ අතර පුවත්පත් කාටූන් චිත‍්‍ර කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
යුරෝපයේ ඇති වූ කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ලේඛනය, චිත‍්‍ර, සංගීතය, ගණිතය, මූර්ති, සාහිත්‍ය, විද්‍යා ක්ෂේත‍්‍රයන්හි පුළුල් දියුණුවක් ඇති විය. ඒ තුළින් මිනිසාට තම අදහස් ප‍්‍රකාශ කිරීමේ පහසු මාර්ගයන් විවෘත විය. සමාජයේ පවතින දුර්වලතා උපහාසයට ලක් කරමින් විනෝදාත්මක මාධ්‍යයක් ලෙස 15, 16, 17 සියවස් වලදී ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ වෙනත් යුරෝපීය රටවල් වල ‘කැරිකේචර් චිත‍්‍ර’ හෙවත් කාටූන් චිත‍්‍රවල ආරම්භය සිදු විය. 17, 18 සියවස්වල මුද්‍රණ ශිල්පයත් සමග පුවත්පත් මාධ්‍ය ප‍්‍රචලිත වීමත් සමග මෙතෙක් පති‍්‍රකා වලට පමණක් සීමා වූ කාටූන් චිත‍්‍ර පුවත්පතට එක්විය. එසේ පුවත්පතට එක් වීමත් සමඟ පුවත්පතට වැඩි වටිනාකමක් හිමි විය.
ශී‍්‍ර ලංකාවේ පුවත්පත් කාටූන් කලාවට යුරෝපයේ කාටූන් කලාවේ ආභාෂය බලපා තිබෙන අතර දේශීය සංස්කෘතියේ විවිධ කලාවන්ගේ ආභාෂය ද ඊට ලැබී ඇති බව පෙනේ. විහාර ගෙවල්වල ඇති සිතුවම්, මූර්ති, කැටයම්, වෙස්මුහුණු, කෝලම් හා කැලෑ පත්තරවල ආභාෂය ද දේශීය කාටූන් කලාවට බලපා තිබේ. ලංකාවේ දැනට දේශපාලන කාටූන්, පොකට් කාටූන්, කාටූන් චිත‍්‍ර කතා දක්නට ලැබේ. දේශපාලන කාටූන් තුළින් රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව ද පොකට් කාටූන් මගින් සමාජ, සංස්කෘතික කාරණා පිළිබඳව ද කාටූන් චිත‍්‍රකතා කොටස් වශයෙන් කතාන්දර ස්වරූපයෙන් ද නිර්මාණය වේ. මේ අතර දේශපාලන කාටූන් සඳහා පුවත්පත් තුළ විශේෂ ස්ථානයක් හිමි වේ. ඔබි‍්‍ර කොලට්, යූනුස්, ජී.එස්. ප‍්‍රනාන්දු, ඩබ්.ආර්. විජේසෝම මුල් කාලයේ සිටි කීර්තිමත් කාටූන් ශිල්පීන් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ කැමිලස් පෙරේරා, දාස හපුවලාන, විනී හෙට්ටිගොඩ, එම්.ඞී. වීරරත්න, තලංගම ජයසිංහ, රුවන් තරස්වින්, පී‍්‍රති කන්නංගර, අවන්ත ආටිගල වැනි දක්ෂ කාටූන් ශිල්පීන් පිරිසක් ද දක්නට ලැබේ.
පුවත්පතකින් සිදුවන තොරතුරු සම්පාදනයට එහා ගිය කාර්යභාරයක් කාටූනය තුළින් සිදු වෙයි. පුවත්පතක පල වන ප‍්‍රවෘත්තියකට වාර්තාකරුවාට වචන දහස් ගණනක් අවශ්‍ය වේ. එහෙත් දක්ෂ කාටූන් ශිල්පියාට වචන වලට කාලය නාස්ති නොකර පින්සල් ඉරි කිහිපයකින් සමාජ ප‍්‍රශ්නයක්, විවේචනයක්, විරෝධයක්, උපහාසයක් කාටූන් තුළින් නිර්මාණය කල හැකිය. එහි පවතින සුවිශේෂීත්වය එයයි. දේශපාලන කාටූන් තුළින් බොහෝ විට උපහාසයට ලක් කරන්නේ දේශපාලඥයන්ගේ සහ සමාජයේ ප‍්‍රසිද්ධ චරිතවල පවතින දුර්වලතාවන්ය. කාටූන් ශිල්පියා මේ තුළින් අදාළ චරිතය හෑල්ලූවට ලක් කිරීමට අපේක්ෂා නොකරන අතර එතුළින් වැරදි නිවැරදි කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් සපයයි. කාටූන් ශිල්පියාට අවට සමාජය ගැන පෘථුල දැනුමක් තිබිය යුතුය. එසේ නැතිනම් ඹහුට කාටූන් ශිල්පය නිවැරදිව සිදු කළ නොහැකිය. කිසියම් සංකීර්ණ කරුණක් පවා කාටූන් තුළින් සරළව විග‍්‍රහ වන නිසා කිසිඳු සාක්ෂරතාවයක් නොමැති පුද්ගලයෙකුට පවා එය පහසුවෙන්ම අවබෝධ කරගත හැකිය.
”දක්ෂ දේශපාලන කාටූන් ශිල්පියෙකුට හාස්‍යය විසිතුරු ලෙස දකින සියුම් ඇසකුත්, අදහස් හා චිත්ත රූප අතර සම්බන්ධතාව පිළිබඳ තියුණු හැඟීමත්, හාස්‍යය හා උපහාසය ජනනයෙහි සමත් බුද්ධිමත් මනසක් හා චිත‍්‍ර ඇඳීමේ සුවිශේෂී හැකියාවක් මෙන්ම ස්ථීර හස්තයක් ද තිබිය යුතුය.” යනුවෙන් ‘සන්ධ්‍යා ගජාර්’ ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතට වරෙක ප‍්‍රකාශ කළේය.
කාටූන්වලට ආවේණික වූ විශේෂ ලක්ෂණ රාශියකි. එනම්,
පුද්ගල දුර්වලතා විවේචනය
සමාජ ගැටළු නිරූපණය
උපහාසත්මක බව
විවිධ සංකේත, ව්‍යංග භාවිතය
යටිපෙළ අරුත් ගැබ් වීම
ලංකාවේ කාටූන් ශිල්පීන් ගත්විට ඔවුන්ගේ කාටූන් ශිල්පයේ විවිධ ආවේණික ලක්ෂණ දක්නට ලැබේ. එනම්,
සංකේත භාවිතය
සිරස්තල යෙදීම
දෙබස් භාවිතය
කවි භාවිතය
ප‍්‍රධාන චරිතයන් තිබීම
අතිශයෝක්තිය
එළිය, අඳුර භාවිතය
මුල් කාලයේ පැන්සලෙන් කාටූන් චිත‍්‍ර ඇඳීම ආරම්භ වූ අතර එය ක‍්‍රම ක‍්‍රමයෙන් පෑන, පින්සල, ප්ලැටිග්නම් දක්වා ව්‍යාප්ත වී අදවන විට මෘදුකාංග ඔස්සේ කාටූන් අඳින තත්වයට වර්ධනය වී ඇත. එසේම අද වන විට කළු, සුදු කාටූන් කලාවේම රැුඳී නොසිට වර්ණ කාටූන් කලාව දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් කාටූන් ශිල්පියාට එදා මෙන්ම අද ද දේශපාලන, ආර්ථීක බලපෑම්වලට ලක් වෙමින් තම රැුකියාව සිදු කිරීමට සිදුව තිබේ.
හරවත් ලිපියක්
ReplyDeletethnx
Deletemaru machooo
ReplyDeletethnxs
Delete