Thursday, May 31, 2018

ඉංග‍්‍රීසි බසට බිය න‍ොවෙමු

               



                              ඉංගී‍්‍රසි භාෂාව ලෝකයේ ඉතාමත් ජනප‍්‍රිය භාෂාවකි. ලෝක ජනගහණයෙන් වැඩිම පිරිසක් ව්‍යවහාර කරන ඉංගී‍්‍රසි බස බටහිර රටවල අනන්‍යතාවය පිළිඹිඹු කරන ප‍්‍රධාන සාධකයක් බවට ද පත්ව තිබේ. අද වන විට ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කිරීමට පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද රැකියාවන් වල නිරත වීම සඳහා ද ඉංගී‍්‍රසි බස නැතුවම බැරි තත්වයක් උද්ගත වී තිබේ. ඉංග‍්‍රීසි බස මනාව හැසිරවිය හැකි අයෙකුට සමාජයේ ඉහළ පිලිගැනීමක් හිමි වන තරමටම පුද්ගලයන්ගේ තත්වය විදහාපාන මෙවලමක් බවට එය පත්ව තිබේ. ලංකාවට ඉංග‍්‍රීසි භාෂාව හිමි වූයේ යටත් විජිත පාලන සමයේදී කෝල්බෘක් ප‍්‍රතිසංස්කරණ හරහාය. බි‍්‍රතාන්‍යයන් මෙරටට පැමිණීමට පෙර ලංකාවේ සිංහල භාෂාව ප‍්‍රමුඛ කොට ගත් ස්වදේශික භාෂා රටාවක් පැවතුනි. කි‍්‍රස්තු ධර්මය ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රබල අවියක් ලෙසත්, රජයේ පහළ තනතුරු වලට ලාංකිකයන් බඳවා ගැනීමේ අරමුණ සාක්ෂාත්  කර ගැනීම සඳහාත් බි‍්‍රතාන්‍යයන් විසින් මෙරටට ඉංග‍්‍රීසි භාෂාව ආරෝපණය කරන ලදී. අධිරාජ්‍යවාදීන් මෙරට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම හැඳින්වූයේ ‘මිලේච්යන් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් පිරිසක් බවට පත් කිරීමට ගත් උත්සාහයක් ’ලෙසිනි. ඔවුන් අප සංස්කෘතිය පුහු ආටෝප වලින් වසා සභ්‍යත්වය විනාශ කර එයින් නොනැවතී රටේ සම්පත් ද කොල්ලකා මෙරටින් පිටමං වුව ද ඔවුන් අපට ඉතිරි කර ගිය වටිනාම වස්තුවක් ලෙස ඉංග‍්‍රීසි භාෂාව පෙන්වාදිය හැකිය.

                                             බි‍්‍රතාන්‍යයන් විසින් මෙරට ආරම්භ කල මිෂනාරි පාසල් නිසා පන්සල කේන්ද්‍ර කර ගත් පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය බිඳ වැටුන ද ස්වදේශික දරුවන්ට විශ්ව භාෂාවක් ලෙස ඉංගී‍්‍රසි ඉගෙන ගැනීමේ මංපෙත් විවර විය. මේ හරහා ඔවුන්ට විදෙස් විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික අඩිතාලම ද සැකසුනි. කෙසේ වෙතත් මේ වන විට ලංකාවට ඉංග‍්‍රීසි භාෂාව හිමි වී දශක කිහිපයක් ගත වී හමාරය. රටේ අගනුවර අවට ප‍්‍රධාන පාසල් වල හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත පාසල් වල ඉංග‍්‍රීසි භාෂාව ප‍්‍රධාන විෂයක් ලෙස ඉගැන්වීම මෙන්ම ඉංග‍්‍රීසි මාධ්‍ය පංති ද පැවැත්වීම ඉතා දියුණු මට්ටමක පවතී. එසේම ජාත්‍යන්තර පාසල් ක‍්‍රමය හරහා ද පුළුල් ලෙස ඉංග‍්‍රීසි භාෂාව ප‍්‍රවර්ධනය කරනු ලබයි. මේ අයුරින් නගරාශ‍්‍රිත දරුවන්ට සියලූ පහසුකම් හිමි වුව ද අඩු පහසුකම් යටතේ පාලනය වන දුෂ්කර ප‍්‍රදේශ වල පාසල් දරුවන්ට හරි හැටි ඉංග‍්‍රීසි උගැන්මක් සිදු වන්නේ නැත. මේ නිසා මොවුන්ගේ ඉංග‍්‍රීසි භාෂා සාක්ෂරතාව පවතින්නේ ඉතාමත් පහල අඩියකය. ඔවුන්ට ඉංග‍්‍රීසි යන වචනය ඇසෙන විටත් තැති ගැන්මක් ඇති වන තරමටම ඔවුන් ඉංග‍්‍රීසි භාෂාවට බය පක්ෂපාතකම් දක්වති. ඉංග‍්‍රීසි උගන්වන කාල පරිච්ජේදයේ දී පංති කාමර වල සිටින සිසුන් ප‍්‍රමාණය අඩු වීමෙන්ම මේ තත්වය මනාව වටහා ගත හැකිය. එසේම උසස් පෙළ පන්ති වල ළමුන් තම ඉංගී‍්‍රසි අත් පොත ඩෙස් එක යට දමා යන තත්වයකට පත්ව තිබීමෙන්ම ඔවුන් ඉංග‍්‍රීසි විෂයට දක්වන මැලිකම වටහා ගත හැකිය. මෙයට ප‍්‍රධානම හේතුව වන්නේ ඉංග‍්‍රීසි උගන්වන ගුරුවරු උපක‍්‍රමශීලීව දරුවන්ගේ ආකර්ශනය ඉංග‍්‍රීසි භාෂාව කෙරෙහි දිනා ගන්නා අයුරින් ඉගැන්වීම් කටයුතු නොකිරීමයි. ඔවුන් මෙය තව තවත් බැරෑරුම් විෂයක් බව හඟවනවා මිස එය දරුවන්ට සරළව උගන්වා ඔවුන්ට එය සමීප කිරීමට උත්සාහ නොකරති. මේ නිසා ඔවුන්ට පාසල අප‍්‍රියජනක ස්ථානයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. දුෂ්කර පාසල් වල පවතින ගුරු හිඟය ද මෙයට බලපාන තවත් එක් හේතුවකි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වල දී ළමුන් අනෙක් විෂයන් ඉහළින්ම සමත් වුව ද ඉංග‍්‍රීසි විෂය අසමත් වීම ප‍්‍රධාන ගැටළුවකි.

                                       පාසල් අධ්‍යාපනය හමාර කර උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල වලට ඇතුළු වන සිසුන්ට දවසක් දෙකක් ගත වන්නට මත්තෙන්ම ඔවුන්ට ඉංග‍්‍රීසි හරි හැටි ඉගෙන නොගැනීමේ ආදීනව වැටහී යයි. මොවුන්ට එහි දී රටේ ප‍්‍රධාන පෙලේ පාසල් වල දරුවන් සමඟ මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන් සමඟ ගණුදෙනු කිරීමට සිදු වන නිසාම ඉංග‍්‍රීසි බස මනාව හැසිරවිය නොහැකිකම මත ඔවුන් එම අධ්‍යාපන ක‍්‍රමය තුළ අසරණ වීමකට මෙන්ම කොන් වීමකට ද ලක් වේ. මේ නිසා උසස් අධ්‍යාපනය අතරමග නවතා දමන ප‍්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. උසස් අධ්‍යාපනයේ දී පමණක් නොව පාසල් අධ්‍යාපනයෙන් පසු රැුකියා වලට යොමු වන බොහෝ තරුණ තරුණියන්ට උසස් රැකියා වලට යාමේ මං ඇහිරී තිබෙන්නේ ද ඉංග‍්‍රීසි භාෂා ඥණය නොමැති වීම නිසාය. ඒ නිසාම ඔවුන්ට අඩු වැටුපකට කර්මාන්තශාලා වල වහල් සේවයට තම වටිනා ශ‍්‍රමය දිය කර හරින්නට සිදුව තිබේ. ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා වූ උපකාරක පංති ද බොහෝ සේ දක්නට ලැබුන ද ඒවායෙහි වාණිජ අරමුණු ප‍්‍රමුඛ වීම විනා නිවැරදි දැනුමක් ලබා දෙන්නේ ද යන්න සැක සහිතය. දෙමව්පියන් මුදල් වියදම් කර යන්නන් වාලේ ළමුන් ටියුෂන් යවති. ළමුන් ද ලද නිදහසින් උපරිම ප‍්‍රයෝජන ගන්නට යොමු වනවා මිස අධ්‍යාපනයට කාලය මිඩංගු නොකරති. එසේම රට පුරා ඉංග‍්‍රීසි කතා කරවීමේ නේවාසික කඳවුරු ද අද වන විට රටේ අස්සක් මුල්ලක් නෑර බිහි වෙමින් පවතී. එහෙත් එ්වායින් ද නිවැරදි ඉංග‍්‍රීසි දැනුමක් ලැබෙන්නේ ද යන්න සැක සහිත වන අතර මුදල් ගරා ගැනීමේ ව්‍යාපාර ඒ තුළින් ශක්තිමත් වේ. පාසල් අධ්‍යාපනය තුළ ඉංග‍්‍රීසි ඉගැන්වීම ක‍්‍රමවත් වූවා නම් ළමුන්ට ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් ගන්නා සේ ටියුෂන් පසුපස හඹා යන්නට සිදු වන්නේ නැත. පාසල තුළ පවතින ගුරු හිඟය හා සම්පත් හිඟය අවම කර, පාසල දරුවන්ට පි‍්‍රය මනාප ස්ථානයක් බවට පත් කල හොත් දරුවන් ඉංග‍්‍රීසි බස හොඳින් උගනිනු ඇත. ඒ සඳහා බලධාරීන් ක‍්‍රියාත්මක විය යුතු අතරම ළමුන් ද කැපවීමෙන් ක‍්‍රියා කල කල යුතුය. 

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...