නිසදැස්

පති කුලයට යන අක්කණ්ඩියට


අත දමා දෙඋර වට
කෑ ගසා හඬවන්ට
එපා අක්කණ්ඩියේ මම
උඹ නැතිව තනිව මම.......
වැලි කෙළියෙ ඉදන් මට
කෑ ගසා ළඟට ගෙන
දෙපා පොඩි අතින් සිඹ
වාරු කල උඹෙ සුවඳ.......
දිය වෙමින් කඳුළු කැට
පෑරෙනා ලය තුරුල
ඉල්ලමින් උඹෙ සුවඳ
කෑගසයි ගෙදර වට.......
කිංකිණියෙ හඬට මට
වැඩිවෙනා හද ගැස්ම
යන්න උඹ ලන්ව ඇත
කොහොම මම ඉවසම්න්ද.......
නොම එනා අතීතෙට
දිව යන්න වරෙන් අද
සමරමුද එහි සුවඳ
ගුලි වෙලා සිහිසුන්ව.......

9 comments:

  1. ලස්සන ගෙත්තමක්....

    ReplyDelete
  2. සහෝදර බැදීමට සම කරන්න දෙයක් මේ ලෝකේ වෙන නෑ. ඒ ආදරනීය බැදීම ගැන ලස්සනට පද ගොතා ලස්සන ගෙත්තමක් කල ඔබට තවත් ඉදිරියට ලස්සනට ගොතන්න හැකිවෙන්න පතනවා...

    ReplyDelete
  3. the day will remain in deep heart.

    ReplyDelete

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...