ගෝලීයකරණයට ලක් වූ තාක්ෂණික ලෝකයක හිණිපෙත්තේ අද අප ජීවත්වෙමින් සිටින්නෙමු. මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇතැයි යන්න අප අවිවාදයෙන් පිළිගන්නෙමු. එහි ප‍්‍රතිඵල වල හිතකර මෙන්ම අහිතකර තත්වයන් ද අප අද අත්විදිමින් සිටින්නෙමු. ගෝලීයකරණය හරහා ව්‍යාප්ත වූ අන්තර්ජාලය ජනප‍්‍රිය සංස්කෘතියක් සමාජයට දායාද කල අතර ඒත් සමඟ පුරවැසි මාධ්‍ය කලාව වර්ධනය විය. ෆේස්බුක්, ටුවිටර්, වයිබර්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග‍්‍රෑම් වැනි පුරවැසි මාධ්‍ය සමාජයේ බොහෝ දුරට ව්‍යාප්ත වූයේ එය ඇඟිලි තුෙඬ් දුරේ සිට නොහොත් ජංගම දුරකථනය හරහා භාවිතා කිරීමේ පහසුකම් වර්ධනය වූ නිසාය. මෙම පුරවැසි මාධ්‍ය හා ගහට පොත්ත මෙන් අවියෝජනීයව බැඳී පවතින සෙල්ෆි ඡයාරූප කලාව අද බාල, මහළු, තරුණ, කා අතරත් ජනප‍්‍රිය මෙවලමකි. සෙල්ෆි යන වචනය දැනට වසර හතර පහකට පෙර ඇසෙන විට එය අපට අමුත්තක් ලෙස දැනුන ද අද එය පෙර පාසල් යන වයසේ දරුවකු පවා තමාගේ ඡුායාරූප තමා විසින්ම ගන්නා ක‍්‍රමයක් බව දන්නා තරමටම සාමාන්‍යකරණය වී තිබේ.
සෙල්ෆි කලාව ලෝකයට පැමිණ වැඩි කාලයක් ගත වී නොමැත. අවම වශයෙන් ගෙවී ඇත්තේ වසර පහක් හයක් වැනි කෙටි කාලයක් වුවද එය අද සමාජයේ ජනප‍්‍රිය සංස්කෘතියේ ඉහළම තලයේ පසු වෙයි. මිනිසුන් සෙල්ෆිය කොතරම් දුරට වැලඳගෙන තිබෙන්නේ ද යන්න මිනිත්තු කිහිපයක් සමාජ ජාල මාධ්‍ය තුළ සැරිසැරීමෙන් පසක් කර ගත හැකිය. අද කෑවත් සෙල්ෆිය. කාර්යාලයේ වැඩ කරමින් සිටින විටත් සෙල්ෆිය. බස් රථයේ යන විටත් සෙල්ෆිය. එකී මෙකී නොකී සෑම විටම කට උල් කරමින්, විරිත්තමින් මහත් වෙහෙසක් දරා ගන්නා සෙල්ෆිය සමාජයේ සිටින උන්මත්තකයන් හඳුනාගන්නා මෙවලමක් බවට පත්ව තිබේ. එපමණක් නොව මෙහි පවතින ශෝකාන්තය වන්නේ අවමංගල්‍යයක දී මළ මිණිය සමඟ පවා සෙල්ෆි ගැනීමට තරම් වත්මන් තාරුණ්‍ය නිර්ලජ්ජිත වීමයි. දැනට අප දැක නැත්තේ වැසිකිළියේ සිට ගන්නා ලද සෙල්ෆියක් පමණි. එයද නුදුරු දිනක දී දකිනු නොඅනුමානය. ඒ තරමටම වත්මන් තාරුණ්‍යට තම ආත්ම ගරුත්වයට වඩා සෙල්ෆිය ලොකුය.
මිනිසා ස්වභාවයෙන්ම ප‍්‍රදර්ශනාකාමී සත්වයෙකි. තම ආශාව අද ඔවුන්ගේ අතේ ඇති ජංගම දුරකථනයෙන්ම සංතෘප්ත කර ගන්නා ඔවුන් සෑම විටම අනෙකාට වඩා හොඳ සෙල්ෆියක් ගැනීමට බොලඳ උත්සහයක නිරත වෙති. ඒ සඳහා නිරුවත් වීමට පවා මෙම මරි මෝඩ මිනිසුන් දෙවරක් නොසිතති. ඇතැමුන් හොඳම සෙල්ෆියක් ගැනීමට භයානක ස්ථාන වලට පවා ගොස් තම ජීවිතය අකාලයේ අහිමි කර ගත් අවස්ථා ද අද සමාජයේ විරල නොවේ. එයට කදිම නිදසුනක් ලෙස ගිය වසරේ දී දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීමට ගොස් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් දුම්රියට බිලි වූ සිද්ධිය පෙන්වාදිය හැකිය.මෙවැනි අනතුරු හේතුවෙන් ඇතැම් රටවල ඡුායාරූප ගැනීමට තහනම් කලාප පවා නිවේදනය කර තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ අතේ ඇති දුරකථනයෙන් තමන්ගේ ඡුායාරූපයක් තමන්ටම ගත හැකි වීම ඉතාමත් පහසු තත්වයකි. එහෙත් එය අනවශ්‍ය අයුරින් උන්මත්තකයන් ලෙස භාවිතා කිරීම තුළින් මිනිසුන්ගේ තාක්ෂණික ඥාණය කොතරම් දුරට දියුණු වුවද ඔවුන්ගේ ආකල්ප තවමත් පවතින්නේ පහළ අඩියක බැව් වටහා ගත හැකිය. මෙතරම් දියුණු ක‍්‍රම අඥාණයන් ලෙස අවිඥාණිකව භාවිතා කිරීම රිලවුන්ට දැලි පිහි ලැබුනා හා සමාන නොවන්නේද?
වෛද්‍යවරු පවසන ආකාරයට දිනකට සෙල්ෆි ඡුායාරූප තුනකට වඩා වැඩි ප‍්‍රමාණයක් ගන්නා පුද්ගලයන් මානසික රෝගියකු ලෙස හඳුනාගත හැකිය. අද සමාජය දෙස බලන විට පෙනී යන්නේ මෙම මානසික දුබලතාවයට බොහෝ දුරට ලක්ව සිටින්නේ යමක් කමක් තේරුම් ගත හැකි උගත්, බුද්ධිමත් යැයි අප අපටම කියා ගන්නා පැලැන්තියයි. මක් නිසාද යත්, සෙල්ෆියක් ගැනීමට තරම් වටිනා ජංගම දුරකථන භාවිතා කරන්නේ අප මිස ගමේ ගොඬේ එදා වේල සරි කර ගැනීමට මහ පොළව සමඟ පොර බදන නූගත් ගැමියන් නොවන නිසාය. එසේ නම් උගත් යැයි සම්මත අප ඔවුන්ගේ තත්වයට වඩා පහළ අඩියකට වැටෙනවාද නැතිනම් නූතන තාක්ෂණය දෙස ප‍්‍රඥාගෝචරව බලා ඒත් සමඟ ඉදිරියට යනවාද යන්න පිලිබඳව සිතා බැලීමට කාලය එළඹ තිබේ. බොහෝ කොට තුනීවට කපන ලද දෙයක වුවද පෙැත්තක් ඇත්තා සේ නූතන තාක්ෂණයේද හොඳ මෙන්ම නරක ද දක්නට ලැබේ. එය මැනවින් වටහාගත හැකි නම් රුපියල් සත මත සියල්ල තීරණය වන නූතන ලෝකයේ අප උන්මත්තකයන් බවට පත් නොවනු ඇත.
ඇත්තටම අද ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙන දෙයක් .. ගොඩක් වටින ලියමනක්.
ReplyDeleteඇත්තටම අද ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙන දෙයක් .. ගොඩක් වටින ලියමනක්.
ReplyDeletethnx
ReplyDeletejiwithayata godak wedagath lipiyak
ReplyDeletethnx
Delete