ලෝකයේ බිහි වූ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යයේ නිර්මාතෘවරයා ලෙස ලෝක පූජිත වූයේ වී. අයි ලෙනින්ය. 1870 අපේ‍්‍රල් මස 22 වන දින රුසියාවේ වොල්ගා ප‍්‍රදේශයේ සිම්බි‍්‍රස්ක්හි දී ව්ලද්මීර් ඉලිව් උල්යානොව් යන නමින් දරුවන් සය දෙනෙකුගෙන් යුත් මධ්‍යම පාංතික පවුලක තුන් වන දරුවා ලෙස මොහු උපත ලැබීය. මොහු උපත ලබන විට රුසියාව එවකට වාණිජ ආර්ථිකයත් සමඟ ජාතික රාජ්‍ය වශයෙන් බලවත්ව නැගී සිටි එංගලන්තය, ප‍්‍රංශය ආදි යුරෝපයේ සෙසු රාජ්‍ය හා සම කරන විට දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඉතා දුර්වල තත්වයක පැවතුනි. වැඩවසම් අර්ථ ක‍්‍රමයක් රටේ මුල් බැස ගෙන පැවති අතර ගොවි, කම්කරු ජනතාව ඉතාමත් පීඩිත ජීවිත ගත කලේය. ලෙනින්ගේ මව වෛද්‍යවරයකුගේ දියණියක් වූ මරියා ඇලෙක්සැන්ඩෝර්වනා වූ අතර ඇය ගුරුවරියකි. ඇය ඉතාමත් උගත් තැනැත්තියක් වූ අතර තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය බොහෝ සේ වෙහෙස මහන්සි විය. පියා ඉල්යා නිකලොව් ඉතාමත් දරිද්‍ර පවුලක විසූ අධ්‍යාපනය තුළින් ස්ව උත්සාහයයෙන් නැගී සිට රජයේ පාසල් පරීක්ෂකයෙකු ලෙස සේවය කලේය. ඔහු ලෙනින්ට වයස අවුරුදු 17 වන විට මිය ගියේය.
සිම්බි‍්‍රක්ස්හි රජයේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල පටන්ම දක්ෂ ශිෂ්‍යයකු ලෙස කැපී පෙනුනු අතර පාසලේ හොඳම ශිෂ්‍යයාට හිමි පදක්කම ද හිමි කර ගත්තේය. මොහුගේ දක්ෂතා වලට මූලිකවම බලපෑවේ මොහුගේ පවුලේ පරිසරයයි. ඔහු තම මවගෙන් බොහෝ දේ උගත්තේය. ඇය ඔහු ලිවීමට, කියවීමට මෙන්ම පියානෝ වාදනයටත් යොමු කලේය. ඔහු කුඩා කාලයේ දීම ග‍්‍රීක, ලතින් භාෂා හොඳින් උගත් අතර පසුව ඔහුට ඉංග‍්‍රීසි, ජර්මන්, ප‍්‍රංශ, ස්වීඩන්, පෝලන්ත, ඉතාලි වැනි භාෂා ද මැනවින් ලියන්නටත් කතා කරන්නටත් හැකියාව ලැබුනි. පාසලේ අධ්‍යාපනයට දුර්වලතා දැක් වූ තම මිතුරන්ට පාඩම් කියා දෙමින් ඔවුන් දිරිමත් කල මොහු තුළ පරාර්ථකාමී ගති ලක්ෂණ කුඩා වියේ පටන්ම දක්නට ලැබුනි. කුඩා කල පටන්ම ක‍්‍රියාශීලී මෙන්ම ප‍්‍රීතිමත්, විනෝදකාමී දරුවෙක් වූ ලෙනින් ක‍්‍රීඩා වලටත් දස්කම් දැක් වූ අතර පිහිනීමටත්, හිම ක‍්‍රීඩා කිරීමටත්, කඳු නැගීමටත්, දඩයමේ යාමටත්, සංචාරය කිරීමටත් ප‍්‍රිය කලේය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු ලෙනින් උසස් අධ්‍යාපනය සඳහා නීතිය හැදෑරීමේ අරමුණින් කසාන් විශ්ව විද්‍යාලයට 1887 දී ඇතුළත් විය එහෙත් එයට ඇතුළත් වී කෙටි කලකින්ම ශිෂ්‍ය පෙළපාලියකට සම්බන්ධ වීම නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීය. එහෙත් මහුගේ මවගේ ඉල්ලීම මත ඔහුට විභාගයට පෙනී සිටීමට හැකි වූ අතර ඉන් ඔහු පළමුවැනියා ලෙස ඉහළ සාමාර්ථයක් හිමි කර ගත්තේය. ඉන් පසු කෙටි කලක් නීතීඥ වෘත්තියේ නියැලූන ලෙනින් පීඩිත ජනතාව වෙනුවෙන් ක‍්‍රියා කිරීමට යොමු විය. ච. ක කෘප්ස්කායා නම් විප්ලවවාදී මිතුරිය සමඟ ඔහු විවාහ විය. ලෙනින් සාමාන්‍ය පවුලක උගත්, බුද්ධිමත් පුද්ගලයෙකි. ඔහු රුසියාවේ උපත ලබන විට සාර් පාලනය යටතේ ගොවි, කම්කරු ජනතාව ඉතා පීඩිත දිවියක් ගත කරමින් සිටියේය. ප‍්‍රවේණි දාසයින් ලෙස ඔවුන් රදළයින්ගේ දේපළක් බවට පත්ව කිසිදු මානව අයිතිවාසිකමකටවත් හිමිකම් නොකියූ පිරිසක් බවට පත්ව සිටියේය. කුඩා කල පටන්ම මෙම සමාජ පරිසරය දෙස සුපරික්ෂාකාරීව ලෙනින් බැලූවේය. ඒ නිසාම ඔහු තරුණ වියට එලඹීමත් සමඟ පීඩිත ජනතාවගේ ගැලවුම්කරුවා වශයෙන් ඉදිරිපත් වෙමින් සාර් පාලනයට එරෙහිව විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකට එළඹුනේය. ලෙනින් එලෙස විප්ලවවාදියකු ලෙස බිහි වීමට සමාජ, සංස්කෘතික සාධක රැසක් බලපෑවේය. එහි ප‍්‍රධානම බලපෑම සිදු වූයේ ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඇලෙක්සැන්ඩර් අතිනි. ඇලෙක්සැන්ඩර් ශාන්තපීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ආදර්ශමත් ශිෂ්‍යයකු වූ අතර ඔහු 1886 දී පණුවන් පිළිබඳ සත්ව විද්‍යා පර්යේෂණයට රන් පදක්කමක් දිනා ගත්තේය. ඔහු 3 වන සාර් රජු ඝාතණය කිරීමේ අරමුණින් එම රන් පදක්කම උකස් කර ඩයිනමයිට් මිල දී ගත්තේය. එය දැන ගත් පොලීසිය ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ සහෝදරිය අත්තඩංගුවට ගෙන ඇලෙක්සැන්ඩර්ට මරණිය දණ්ඩනයත් සහෝදරිය ටාටර් දේශයට පිටුවහල් කිරීමත් සිදු විය. එවිට ලෙනින් 17 වන වියේ පසු වූ අතර ඒ වන විට ඔවුන්ගේ පියා මිය ගොස් ද වැඩි කාලයක් ගත වී තිබුනේ නැත. ඒ නිසා මෙම සිදුවීම ලෙනින් තුළ සාර් පාලනය කෙරෙහි ප‍්‍රබල වෛරයක් ඇති වීමට හේතු විය.
එසේම ලෙනින් පාසල් යන කාලයේ සිදු වූ සිදුවීම් තුළින් ද කුඩා කල පටන් ඔහු තුළ පැවති විප්ලවවාදී ගති ලක්ෂණ පිළිඹිඹු විය. එක් දිනක් ලෙනින්ගේ මුල් ගුරුවරයා ලෙනින් ලියන ලද රචනාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගෙන් මෙසේ විමසීය. ” ඔබ මෙහි ලියා ඇති පීඩිත පංති මොනවාද? ඒවායේ මීට ඇති සම්බන්ධය කුමක්ද? ” කුඩා වයසක දී පවා පැවති සමාජ ක‍්‍රමය පිළිබඳ මනා වැටහීමක් ලෙනින්ට පැවති බව මේ තුළින් වටහා ගත හැකි වන අතර මේ සඳහා බලපෑවේ ලෙනින් වැඩි වශයෙන් පොත පත කියවීමයි. පුෂ්කින්, ගොගොල්, තුර්ගේනෙව්, තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි වැනි ශ්‍රේෂ්ඨ රුසියානු කතුවරුන්ගේ පොත් මෙන්ම කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස්ගේ පොත් පත් කියවීම නිසා ද ඔහු තුළ විප්ලවවාදී ගති ලක්ෂණ ඇති වීමට හේතු වූයේය.
එසේම ප්ලේකානොව්ගේ ඇසුරද තව දුරටත් ඔහු තුළ පැවති විප්ලවවාදී ගති ලක්ෂණ දළු ලා වැඞීමට හේතු විය. රුසියාවට මාක්ස්වාදය හඳුන්වාදුන්නේ ප්ලේකානොව්ය.ඔහු ලෙනින්ගේ ගුරුවරයාය. 1883 දී ප්ලේකානොව්ගේ නායකත්වයෙන් බිහි වූ ශ‍්‍රම විමුක්ති කණ්ඩායමේ ද ලෙනින් ක‍්‍රියාකාරී සාමාජිකයෙකු සේ ක‍්‍රියා කලේය. මේ නිසා ප්ලේකානොව්ගේ ගුරු හරුකම් නිරතුරුවම ලෙනින්ට හිමි විය. මීට අමතරව ලෙනින්ට මවගෙන් ලැබුනු ආභාෂය ද මේ සඳහා තදින්ම බලපෑවේය. ඔහුගේ මව සෑම විටම ලෙනින් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට යොමු කරවීය. ඇය තුළ නිරතුරුවම පරාර්ථකාමී ගති ලක්ෂණ දක්නට ලැබුනි. ඒ නිසාම ඇය කිසිදු අයුරකින් ලෙනින් අසරණ ජනතාව වෙනුවෙන් සිදු කල අරගල වලට විරුද්ධ වූයේ නැත.
ලෙනින් නීතීඥවරයකු වීමට පෙර ශිෂ්‍ය අවධියේ සිටම සාර් පාලනයට එරෙහිව හඬ නැගීය. නීතීඥවරයකු බවට පත් වීමෙන් පසු ඔහු තම වෘත්තිය අතහැර පීඩිත ගොවි, කම්කරු ජනතාවගේ යහපත වෙනුවෙන් ක‍්‍රියා කිරීම ආරම්භ කරන ලදී. ජනතාව සංවිධානය කරමින් කැරලි ගැසීම් පිළිබඳ ලෙනින්ව අත්තඩංගුවට ගැනීමට සාර් හමුදාව මාන බලමින් සිටියේය. මේ නිසා ලෙනින් තම මුල් නම වූ ව්ලද්මීර් ඉලිව් උල්යානොව් නම වෙනුවට ලෙනින් යන ආරූඪ නාමය භාවිතා කරන්නට විය. රුසියාව පුරා ලෙනින්ගේ ජනප‍්‍රියත්වය සිදු වන්නේ මෙම නම හරහාය. අදටත් ලෝකයේම ජනතාව ලෙනින් හඳුනාගන්නේ එම නමින් මිස ඔහුගේ මුල් නමින් නොවේ. කෙසේ වෙතත් ලෙනින් අසරණ පීඩිත ජනතාව වෙනුවෙන් ගම් දනව් පුරා සැරි සරමින් නූගත් ජනතාවට සත්‍ය වටහා දීමට රැුස්වීම් පවත්වන ලදී. මේ නිසා සියළු දුක් විඳ දරා ගනිමින් සිටි ජනතාව සත්‍ය වටහා ගෙන තම එකම ගැලවුම්කරුවා ලෙස ලෙනින් අනුකරණය කරන්නට පෙළඹුනි. කෙටි කලකින්ම ලෙනින් ජනතාව අතර ජනප‍්‍රිය ප‍්‍රතිරූපයක් බවට පත් විය. එයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ ඔහු තුළ පැවති චතුර කථිකත්වයයි. ඒ බව මෙක්සිකෝවේ සෙන් කතයාමා කල පහත ප‍්‍රකාශයෙන් මනාව පැහැදිළි වේ.
” ලෙනින් සහෝදරයා පැය තුනක් තිස්සේ කතා කලත් වෙහෙසට පත් වී නැත. හඬ උස් පහත් නොකොට කතා කරන හෙතෙම හැම කරුණක්ම විස්තර කරයි. එක පිට එක තර්ක ඉදිරිපත් කරයි. අසන්නෝ හුස්ම නොගෙන ඔහුගේ කටින් පිට වන වචන අසා සිටී. ඔහුගේ කතා විලාශයෙහි අලංකාරෝක්ති නැත. ඔහු අත් පා දිග හරිමින් අංග චලනය නොකරයි. එහෙත් ඔහු අසන්නාගේ සිත් වශී කලාක් මෙන් ඇඳ බැඳ සිටී. ඔහු කතා කිරීමට පටන් ගත් විට මුළු රඟහලම නිහඬය. අසන්නන් වශී කිරීමට මෙන් හෙතෙම ශාලාව දෙස බැලීය. පැය තුනක් තිස්සේ ඔහුගේ කතාව අසා සිටි එක් අයෙකු වත් කැස්සේ හෝ සෙලවුනේ නැත. නෙත් සිත් ඇද ගැනීමට සමත් ලෙනින් දකින හැම කෙනෙක්ම ඔහුට වශී වූහ. මා දුටු ශ්‍රේෂ්ඨතම කථිකයා ලෙනින් සහෝදරයාය. ”
1895 දී ලෙනින් අත්තඩංගුවට පත් වූ අතර කිසිදු නඩු විභාගයකින් තොරව ඔහුව සයිබීරියාවට පිටුවහල් කරන ලදී. මෙම කාලය තුළ මොහු වැඩි වශයෙන් සිදු කලේ මූලික පත පොත කියවීම, පරිවර්තනය කිරීම මෙන්ම අලූතින් පොත් ලිවීමයි. ලෙනින් තම මාක්ස්වාදී අදහස් වැඩි වශයෙන් ව්‍යාප්ත කලේ තම පොත් හරහාය. ඔහුගේ පොත් තුළින් විප්ලවය මෙහෙය වීම, නිර්ධන පංති ආඥ්ඥාදායකත්වය, සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම පිළිබඳව සඳහන් වූ අතර දේශපාලනික, ආර්ථික, සමාජ, සංස්කෘතික කරුණු අරභයා ඔහු විසින් ලියන ලද පොත් ගණන 72කට වඩා වැඩිය. ලෙනින්ගේ එක් පොතක් හෝ සන්තකයේ නැති පුද්ගලයෙක් එකල රුසියාව තුළ නොසිටියේය. ඒ තරමටම ලෙනි්න්ගේ පොත් ජනප‍්‍රිය වූයේ එම පොත් තුළ තර්කානුකූල අදහස් මෙන්ම පීඩිත ජනතාවගේ බුද්ධියට ඒ තුළින් කතා කල නිසාය. රුසියාවේ පාසල් ළමුන්ට ලෙනින්ගේ ඇතැම් පොත් කියවීම අනිවාර්ය කර තිබේ.
මීට අමතරව සයිබීරියාවේ සිටින කාලය තුළ ලෙනින් පීඩිත ජනතාව වෙනුවෙන් පක්ෂයක් ගොඩ නැගීමට අවශ්‍ය සැලසුම් ද සකස් කලේය. ඒ අනුව සයිබීරියාවෙන් පිටත්ව ලෙනින් නගරයෙන් නගරයට ගමන් කරමින් ඒ වන විට ක‍්‍රියාකාරීව සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් ඒකරාශී කර ගෙන රහසිගතව 1898 දී රුසියානු කම්කරු සමාජවාදී පක්ෂය පිහිටුවන ලදී. පක්ෂයේ කටයුතුවලට මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව මත පුවත්පතක අවශ්‍යතාව දුටු ලෙනින් 1900 දී ඉස්ක්රා (ගිණි පුපුර ) යන නමින් පවත්පතක් ආරම්භ කලේය. අවදානම් සහගත තත්වය යටතේ පුවත්පත රුසියාවේ මුද්‍රණය කිරීමට නොහැකි නිසා ස්වීඩනයේ ටියුනික් නගරයේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන ලදී. පුවත්පත ඉහළින්ම ” ගිණි පුපුරක් ගින්නක් දල්වනු ඇත” යනුවෙන් උද්්‍යෝග පාඨයක් සඳහන් කරමින් ඒ තුළින් පුවත්පත කෙරෙහි ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට උත්සාහ කලේය. ලෙනින් ගිණි පුපුර සමාන කලේ පීඩිත පංතියේ ජනතාවටයි. ඒ අනුව ගිණි පුුපුරු රාශියක් එකතු වීමෙන් මහා ගින්නක් දැල්විය හැකි සේ පීඩිත ජනතාව විශාල වශයෙන් එකතු වුව හොත් සාර් පාලනය බිද දැමිය හැකි බව ඒ තුළින් ඒත්තු ගැන්වීය. පුවත්පත රහසිගතව රුසියාවට ගෙන යා යුතු වූ නිසා ඒ සඳහා සූට් කේස් තුළ, පොත් බැමි අතර, ගණ කබා තුළ, සපත්තු තුළ, සෙල්ලම් බඩු සමඟ සඟවා යවන ලදී. දුෂ්කරතා මධ්‍යයේ බෙදා හැරීම් සිදු කල ද ලෙනින්ගේ ලිපි මේ තුළ ඇතුළත් වීම නිසා පුවත්පත ජනතාව අතර ජනප‍්‍රිය විය. මේ නිසා පුවත්පතට ඇති ඉල්ලූම ඉහළ යාම නිසා රහසිගතව රුසියාවේ බකුකිෂිනෝ නගරයේ ද රහසිගතව මුද්‍රණාලයක් ආරම්භ කරන ලදී. මෙම පුවත්පත ජනතාව අතර කොතරම් දුරට ජනප‍්‍රිය වූයේ ද යත් එය කිය වූ පාඨකයෙක් මෙසේ පැවසීය. ” පුවත්පත කැබලි වලට කැඩෙන තුරු කියවීමි. එය අපට අගනා වස්තුවකි. එය අපේ සටන ගැන ලියයි. පුවත්පත කොපෙක් වලින් මිල කිරීමට හෝ පැය වලින් මිනීමට නොහැකිය. ” ලෙනින්ගේ ලිපි වලට අමතරව රුසියාවේ මෙන්ම අවට රටවල පැවති උද්ඝෝෂණ, වැඩවර්ජන, පෙළපාලි පිළිබඳව ද මෙම පුවත්පත තුළ ඇතුලත් විම නිසා ජනතාව පුවත්පත කෙරෙහි වැඩි අවධානයක් දැක්වීය. ඉස්ක්රා හරහා ලෝකයේ එතෙක් පුවත්පත් තුළින් සාම්ප‍්‍රදායිකව සිදු වූ කාර්යභාරයට එහා ගිය නව ප‍්‍රවිෂ්ඨයක් ලෙනින් විසින් ආරම්භ කරන ලදී.
1912 වසන්ත සමයේ ලේනා ගංඟාව අසල කම්කරුවන්ට සාර් හමුදාව වෙඩි තැබීමත් සමඟ රටේ කලබලකාරී තත්වයන් තව දුරටත් වර්ධනය විය. මේ නිසා අරගලයට ජනතාව සක‍්‍රීය ලෙස දායක කර ගැනීම සඳහා සටන්කාමී පුවත්පතක අවශ්‍යතාව මතු විය. එය පසුබිම් කර ගෙන 1912 මැයි 5 වන දා ප‍්‍රව්දා (ඇත්ත ) පක්ෂයේ පුවත්පත ලෙස ආරම්භ විය. මේ කාලය තුළ ලෙනින් පුවත්පතට ලියන ලද ලිපි ප‍්‍රමාණය 208කට අධික විය. ලෙනින් විසින් ප‍්‍රව්දා සාමූහික උද්ඝෝෂකයකු, ප‍්‍රචාරකයකු ලෙස පමණක් නොව බහු ජනතාව අතර සංවිධායකයකු ලෙස ද ක‍්‍රියා කරවීය. ඉස්ක්රා පුවත්පත ලද ජනප‍්‍රියත්වයට වඩා ජනප‍්‍රියත්වයක් ප‍්‍රව්දා විසින් ඉතා කෙටි කලකින්ම අත් කර ගත්තේය. 1913 දී ප‍්‍රව්දා තහනම් වූ නිසා වෙනත් නම් වලින් පල කිරීමට සිදු වුවද එයට පැවති ඉල්ලූම බිඳක්වත් අඩු නොවීය. 1917 මාර්තු 2 වන දා ප‍්‍රව්දා පක්ෂයේ නිල ප‍්‍රකාශනය බවට පත් කල අතර එයට ජනතාව දැක් වූ යහපත් ප‍්‍රතිචාරය නිසා දින තුනකට පසු පුවත්පතේ පිටපත් ලක්ෂයක් මුද්‍රණය කිරීමට සිදු විය. ඒත් සමඟම පුවත්පතේ ඉහළින්ම ” ලෝකයේ සියලූම කම්කරුවනි එක්වව් ” යන උද්්‍යෝග පාඨය ඇතුළත් කිරීම නිසා පුවත්පත අවට රට වල පවා ප‍්‍රසිද්ධ වූ අතර ජනතාව තුළ නව උද්්‍යෝගයක් මේ තුළින් ඇති විය. ලෙනින්ගේ අපේ‍්‍රල් තිසීසය නම් ඉතාමත් ප‍්‍රසිද්ධ ලිපිය පුවත්පතේ පල වූයේද මේ කාලයේදීය. 1917 දී සාර් පාලනය බිඳ දමා පීඩිත පංතිය විප්ලවය ජයග‍්‍රහණය කල ද ප‍්‍රව්දා තම කාර්යභාරය තවදුරටත් දිනූ ජය ආරක්ෂා කර ගැනීමට කටයුතු කලේය. ලෙනින්ගේ මග පෙන්වීම යටතේ රුසියාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් වූ පසු සමාජවාදී දර්ශනය ලෝකයේ කොතරම් දුරට ජනප‍්‍රිය වූයේද යත් ඒ අවට පිහිටි රටවල් 14ක් ඒත් සමඟම සමාජවාදී රාජ්‍යයන් බවට පත් විය. ඒවා නම් ආමේනියාව, අසර්බයිජානය, බෙලරුසියාව, ඊස්ටෝනියාව, ජෝර්ජියාව, කසකස්ථානය, කිරිගිස්ථානය, ලැටිවියාව, ලිතුවේනියාව, මෝල්දාවියාව, ටජිකිස්ථානය, ටර්ක්මේනියාව, යුක්රේනය හා උස්බෙකිස්ථානය යි.
ඵීප්ලවය ජයගත් පසුව වුවද ජනතාවගේ නායකයා ලෙස පෙනී සිටිමින් ලෙනින් රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක විය. 1918 වෙඩි ප‍්‍රහාරයකින් ලෙනින් ඉතා අසීරුවෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඉතා මහන්සි වී වැඩ කිරීම නිසා රෝගාතුර වී 1924 ජනවාරි 21 වන දින මෙලොවින් සමු ගත්තේය. දශක 3කට ආසන්න කාලයක් මහජනතාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් සිදු කල ලෙනින්ගේ මරණය රුසියාවේ පමණක් නොව මුළු ලෝකයම කම්පාවට පත් කලේය. අවසන් වරට ඔහුගේ දේහය දැක බලා ගැනීමට අති විශාල ජනකායක් රුසියාවට ගලා ආවේය. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවමංගල්‍ය උත්සවය පවත්වා මොස්කව්හි රතු චතුරස‍්‍රය තුළ ඔහුගේ දේහය තැන්පත් කලේය.ඉන් පසු සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ සහ සහෝදර කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂ වල සිටි ලෙනින්ගේ සගයින් හා ගෝලයින් ලෙනින්ගේ දර්ශනය ඉදිරියට ගෙන ගියේය. කාල් මාක්ස් දුටු සමාජවාදී සිහිනය යතාර්ථයක් බවට පත් කල එකම නායකයා මොහුය. මොහු ලෝකයේ බිහි නොවන්නට සමාජවාදය කාල් මාක්ස්ගේ පොත් වලට පමණක් සීමා වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේම ලෙනින්වාදය ලෙසින් දර්ශනයක් ද ලෝකයට බිහි නොවන්නට ඉඩ තිබුනි. සමාජවාදී දර්ශනය ලෝකයට ගෙන ගිය පළමු නායකයා ලෙස ලෙනින් ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කලේය. අදටත් රුසියානු වැසියන් ලෙනින් දේවත්වයෙන් අදහන අතර ඔහු රටේ ස්ථාපිත කල පාලන තන්ත‍්‍රය නොවෙනස්ව ඉදිරියට ගෙන යති.
important artical
ReplyDeletethnxs
Deletewedagath lipiyak
ReplyDeletethnxs
ReplyDeletekeep it up
ReplyDeletethnxs
Delete