2016 වසරේ මුළු ලෝකයේම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පැනමා පති‍්‍රකා හෙලිදරව්ව පත් විය. පැනමා පති‍්‍රකා හෙලිදරව්ව සිදු කළේ අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. ඒ ජර්මනියේ දක්ෂිණ නම් පුවත්පතට ලැබුනු තොරතුරුවලට අනුවය. පැනමා රට මූලස්ථානය කරගත් මොසැක් ෆොන්සේකා නම් අක් වෙරළ ගනුදෙණු සඳහා ප්‍රකට නීති උපදේශන ආයතනය සතු මිලියන 11.5 ක තරම් රහස්‍ය ලේඛන විශාල ප්‍රමාණයක් මෙහි දී හෙලිදරව් විය. එම වාර්තා අවුරුදු 40කට වඩා පැරණිය. විවිධ රටවල බලවත් සහ ධනවත් පුද්ගලයින් සමාගම් බදු මගහරිමින් අක් වෙරළ ගනුදෙණුවල යෙදී සිටි ආකාරය මේ තුළින් අනාවරණය වී තිබේ. මොසැක් ෆොන්සේකා නීති උපදේශන මූලස්ථානය පිහිටා තිබෙන්නේ පැනමා රාජ්‍යයේය. මෙම හෙලිදරව්ව පැනමා පති‍්‍රකා හෙලිදරව්ව ලෙස ප්‍රකට වූයේ එබැවිනි. අක් වෙරළ ගනුදෙණු පිළිබඳ ඉහළම දැනුමක් ඇති මෙම සමාගම ලෝකයේ නීති සේවා සපයන සමාගම් අතරින් සිව්වන ස්ථානයේ රැුඳී සිටියි. ජර්මනියේ උපත ලැබූ ජර්ගන් මොසැක් සහ රැුමොන් ෆොන්සේකා විසින් මෙම සමාගම ස්ථාපිත කළේ 1977 දීය. මෙහි කාර්යාල 40ක් පමණ ලොව පුරා ව්‍යාප්තව ඇත. ලෝකයේ මෙතෙක් වාර්තා වූ විශාලම දත්ත හෙලිදරව්ව මෙය බව පැවසේ. මෙම හෙලිදරව්ව තුළින් ලෝකයේ ප්‍රකට අප්‍රකට පුද්ගලයන්ගේ නම් මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
පැනමාව බදු සුරපුරයක් බවට පත්ව තිබුණේ බොහෝ කාලයක පටන්ය. ඇතැම් මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කරන්නේ 1919 වසරේ සිට පැනමාව බදු සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. උදාහරණයක් ලෙස 1919 වසරේ දී පමණ ඇමරිකානු තෙල් නෞකා පැනමාහි ලියාපදිංචි කර ගැනීමේ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක විය. එහි අරමුණ වූයේ එම නෞකා විසින් ඇමරිකාවට ගෙවනු ලබන බදු මුදල් වළක්වා ගැනීමයි. මේ සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඞ් ඔයිල් සමාගමට මුල් යුගයේදීම ඇඟිල්ල දිගු විය. මේ යුගයේ දී ඇමරිකානු එක්සත් ජනපදයට අයත් ඇතැම් මගී නෞකා ද පැනමාවේ ලියාපදිංචි විය. එහි අරමුණ වූයේ නීතිමය බාධාවකින් තොරව නෞකා තුළ දී මගීන්ට මත්පැන් ලබා දීමට ඉඩකඩ සැලසීමයි. පැනමා රජය විසින් ආයතන සහ තනි පුද්ගලයන්ගේ මූල්‍ය රහසිගතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා නීති ගනණාවක් මේ වන විට සම්මත කරගෙන තිබේ. කිසියම් අයෙකු මෙහි රහස්‍යභාවය හෙලිදරව් කළහොත් බරපතල අපරාධ වරදක් යටතට පැනමා නීතිය යටතේ වැටේ. එසේම කිසිඳු ආයතනයක් පැනමාවේ මූල්‍ය සේවා ලබා ගැනීමේ දී ප්රසිද්ධීයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. තමන්ගේ දේශ සීමාවෙන් පිටත කි‍්‍රයාත්මක වන කිසිඳු ගිණුමක් සම්බන්ධයෙන් කිසිඳු බැංකුවකට තොරතුරු හෙලිදරව් කිරීමේ අයිතිය නොමැත. පැනමාවේ මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් කිසිඳු සීමාවක් නැත. ඕනෑම මුදල් ප්‍රමාණයක් හුවමාරු කිරීමට හැකිය. පැනමා ඇල නිර්මාණය කිරීමත් නිදහස් වෙළඳපළ කලාප ඇති කිරීමත් සමඟ මේ තත්වය වර්ධනය විය. 1980 වන විට අන්තර්ජාතික බැංකු සිය ගනණක් පැනමා නගරයේ සිය මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට සමත් විය.
මේ තත්වය ප්රයේජනයට ගත් බොහෝ ඒකාධිපති පාලකයෝ පැනමාවේ මුදල් සැගවූහ. පිලිපීනයේ සිටි අන්ත දූෂිත පාලකයෙකු වූ පර්දිනෑන්ද් මාර්කෝස් , චිලි රාජ්‍යයේ ඔගොස්ටෝ පිනෝෂෙ ආදීහු සිය දූෂිත වත්කම් පැනමා රාජ්‍යට ගෙන ආහ. බදු සුරපුරයක් වශයෙන් පැවති පැනමාවේ බදු ගමන් මග යම් වෙනසක් ඇති කිරීමට 1983 වසරේ ඇති වූ හමුදා කුමන්ත්‍රණය ඉවහල් විය. පැනමා ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල මැනුවෙන් නොරිගා හමුදා බලයෙන් රට අල්ලා ගැනීමෙන් පසු මුදල් විශුද්ධිකරණ කි‍්‍රයාවලිය ජනසතු කෙරින. අවසානයේ දී 1989 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී පැනමාවේ හමුදා පාලනය පෙරළා දමනු ලැබිණ. පැනමාව ගත් විට ලෝක ආර්ථීකයට දක්වන කිසිඳු ධනාත්මක දායකත්වයක් නොමැත. කරන ප්‍රධානම දේ වන්නේ බදු හොරුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. පැනමාවේ මෙවැනි හොර මුදල් සඳහා පහසුකම් සැපයීම සඳහා වෙනම මූල්‍ය උපදේශක පැලැන්තියක් ද නිර්මාණය වී තිබේ.
මේ ආකාරයෙන් දූෂිත නිලධාරීන් දේශපාලඥයන් මුදල් වැඩි වශයෙන් සොරකම් කරන්නේ දියුණු වෙමින් පවතින ලෝකයේ රටවල්වලයි. දුප්පත් මිනිසුන්ට අයත් ලෝකයේ මහජන ධනය සොරාගෙන ගොස් පැනමාව වැනි රටවල්වල ඔවුහු සගවති. පැනමාව පමණක් නොව බර්මියුඩා කේමන් දූපත් ආදී තැන් ද ඒ සඳහා යොදා ගැනේ. ගබ්බියෙල් සුක්මන් විසින් රචිත ඔයැ යසාාැබ ඇ්කඑය දෙ බ්එසදබි නම් කෘතියේදී පෙන්වා දෙනු ලබන්නේ පොදුවේ ගත් විට ලෝක මූල්‍ය පද්ධතියෙන් 8 ක් පමණ මේ ආකාරයෙන් සොරකම් කෙරෙන බවයි. මෙසේ සොරකම් කරන ප්‍රමාණයත් එක් එක් රට අනුව වෙනස් වේ. ඇතැම් රටවල්වල අඩු ප්‍රතිශතයක් වන අතර ඇතැම් රටවල ජාතික ධනයෙන් 50 කටත් වැඩි ප්‍රමාණයක් සොරකම් කෙරේ. පැනමා හෙළිදරව්ව තුළින් දෙස් විදෙස් ධනවත් පුද්ගලයින් රැසකගේ නම් හෙළිදරව් විය. රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, ව්‍යාපාරිකයින්, නළු නිලියන්, ක්‍රීඩකයින් ඒ අතර වේ.
Adamai denagaththe
ReplyDeletehmmmm. eka hodai
ReplyDeleteGood job
ReplyDeletethnx
Deletenice
ReplyDeletethnxs
ReplyDeletegood job
ReplyDeletethnxs
Delete