Saturday, July 28, 2018

නයිජීරියානු මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග‍්‍රහයේ වැදගත්කම














1988 මාර්තු 18 - 20 දින දක්වා නයිජීරියානු පුවත්පත් කවුන්සිලය හා නයිජීරියානු පුවත්පත් සංවිධානය එක්ව සංවිධානය කල ilorin සංසදයේ දී මෙම නව නීති සංග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර අනුමත කරන ලදී.                                         

ilorin ප‍්‍රකාශය
ආචාර ධර්ම සංග‍්‍රහය ක‍්‍රියාවට නැංවීම සඳහා සංසදයේ නියෝජිතයින් පහත පරිදි සහතික කර ප‍්‍රකාශ කරනු ලැබේ. 

අප : 
ජනමාධ්‍යයේ වැදගත් කරුණක් ලෙස ආචාර ධර්ම සංග‍්‍රහයේ ප‍්‍රමිතීන් වල අත්‍යවශ්‍යයතාවය සහ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආචාර ධර්ම භාවිතය සඳහා අත්‍යවශ්‍යතාවය පිළිගනිමු. වෘත්තිකයින් විසින් සකස් කරන ලද ආචාර ධර්ම සහ වෙනත් ව්‍යුහයන් මගින් ස්වයං නියාමනය නිසා වෘත්තීයවේදීන්ගේ සහ මහජනතාවගේ යහපතට වඩාත් හොඳ සේවයක් වන බව සහතික කරමු. 1992 වසරේ අංක 85 දරණ නයිජීරියානු පුවත්පත් මණ්ඩල පනතෙහි නයිජීරියාවේ පුවත්පත් කලාවේදීන් ඇතුළුව ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්ණායකයන් සහතික කිරීම සඳහා නයිජීරියානු මාධ්‍යවේදීන්ගේ සංගමය, නයිජීරියානු සංස්කාරකවරුන්ගේ සංගමයේ සහ නයිජීරියානු පුවත්පත් හිමියන්ගේ සංගමය, ආචාර ධර්ම සංග‍්‍රහය අනුගමනය කිරීම සහ සියලූම මාධ්‍යවේදීන් විසින් එහි විධිවිධාන පිළිපැදීම ප‍්‍රවර්ධනය කිරීම සහ නයිජීරියානු පුවත්පත් මණ්ඩලය, නයිජීරියානු පුවත්පත් සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා පුවත්පත් සහ මහජනතාවගේ යහපත සඳහා ආචාර ධර්ම සංග‍්‍රහය ප‍්‍රචාරය කිරීම හා එහි විධිවිධාන අනුගමනය කිරීම මෙතැන් සිට සහතික කරමු.


                                                                                       
පූර්විකාව

 ජනමාධ්‍යවේදීන්ට මහජන විශ්වාසය ඉහළ මට්ටමක පවතී. මෙම විශ්වසනීයත්වය රැක ගැනීම හා පවත්වාගෙන යාම සෑම මාධ්‍යවේදියකුම හා සෑම ප‍්‍රවෘත්ති මාධ්‍යයකම උසස්තම වෘත්තීය හා සදාචාරාත්මක ප‍්‍රමිති නිරීක්ෂණය කිරීම සදාචාරමය වශයෙන් වැදගත් වේ. මෙම රාජකාරි ඉටු කිරීමේදී මාධ්‍යවේදියකු පොදු යහපත සැලකිල්ලට ගත යුතුය. 
සත්‍ය යනු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රධාන අංගය වන අතර සෑම මාධ්‍යවේදිය‍ෙක්ම සෑම සිදුවීමකම සත්‍ය තහවුරු කිරීමට වෙහෙස විය යුතුය.
ජනමාධ්‍යවේදීන්ගේ සවිඥානික වගකීම් හා යුතුකම් තොරතුරු සපයන්නන් ලෙස අප දන්නා අතර, නයිජීරියානු මාධ්‍යවේදීන් මෙම ආචාර ධර්ම සංග‍්‍රහය අපට ලබා දෙයි. සෑම මාධ්‍යවේදියකුම මෙම විධිවිධාන පිළිපැදීම යුතුකමකි.

1. සංස්කාරක ස්වාධීනත්වය
   ප‍්‍රවෘත්ති අන්තර්ගතය පිළිබඳ තීරණ ගැනීම වෘත්තීය මාධ්‍යවේදියකුගේ වගකීම විය යුතුය.

2. නිරවද්‍යතාව හා සාධාරණත්වය
  i. මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය. සත්‍ය, නිරවද්‍ය, සමබර හා සාධාරණ වාර්තාකරණය 
     යනු යහපත් ජනමාධ්‍යයේ මූලික පරමාර්ථය මෙන්ම මහජන විශ්වාසය උපදවන පදනමයි. 
 ii. මාධ්‍යවේදියකු වැරදි සහ නොමඟ යවන තොරතුරු ප‍්‍රකාශයට පත් නොකල යුතුය. එබඳු      
     තොරතුරු අනවබෝධයෙන් ප‍්‍රකාශයට පත් කල හොත් නිවැරදි කිරීම් කල යුතුය. මාධ්‍යවේදියකු 
     පිළිතුරු දීමේ අයිතියට ප‍්‍රමුඛතාව දිය යුතුය. 
 iii. තම වගකීම් ඉටු කිරීමේ දී මාධ්‍යවේදීන් සත්‍ය තත්වයන් හා අනුමාන අදහස් වෙන් කර  දැක්වීමට උත්සාහ කල යුතුය.

3. පුද්ගලිකත්වය
  පොදු නීතියක් ලෙස පුද්ගලයෙකුට සහ ඔවුන්ගේ පවුල් වල පෞද්ගලිකත්වයට ගරු කල යුතුය. 
  පුද්ගලයකුගේ හෝ ඔවුන්ගේ පවුලේ අයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තොරතුරු   
     මහජනතාවට බලපෑමක් වන්නේ නම් පමණක් ප‍්‍රසිද්ධ කල යුතුය.
ඊ. ඉහතින් සඳහන් කල පුද්ගලයකු පිළිබඳ එවැනි තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම සාධාරණීකරණය කල  යුතු යැයි සැලකිය යුත්තේ,
i.   අපරාධ හෝ බරපතල වැරදිකරුවන් හෙළිදරව් කිරීම,
ii.  සමාජ විරෝධී හැසීරීම් හෙළිදරව් කිරීම,
iii. මහජන සෞඛ්‍ය, සදාචාරය, සහ ආරක්ෂාව සුරැකීම,
iv. පුද්ගලයකුගේ යම් ප‍්‍රකාශයක් හෝ කි‍්‍රයාවක් මගින් මහජනතාව නොමග යැවීම වැළැක්වීම.

4. වරප‍්‍රසාද /හෙළිදරව්නොකිරීම්
i. මාධ්‍යවේදීන්ගේ රහස්‍යභාවය පිළිබඳ පොදු පිලිගත් ප‍්‍රතිපත්තිය පිළිපැදිය යුතු අතර        විශ්වාසයෙන් තොරව ලබා ගත් තොරතුරු ප‍්‍රභවයන් හෙලි නොකල යුතුය.
ii. පුවත්පත් කලාවේදියෙක් ලෙස පසුබිම් තොරතුරු ලෙසින් ලබා ගන්නා තොරතුරු මූලාශ‍්‍රයන්  සමඟ ඇති ගිවිසුම් උල්ලංඝනය නොකල යුතුය.

5. විනීතභාවය
i.   සෑම මාධ්‍යවේදියෙක්ම ජනතා කැමැත්තට අනුකූල වන අයුරින් හැඩගැසිය යුතුය.
ii.  සෑම මාධ්‍යවේදියෙක්ම අප‍්‍රසන්න, අපවාදාත්මක හෝ අශික්ෂිත භාෂාව භාවිතා නොකල යුතුය.
iii. මාධ්‍යවේදීන් ප‍්‍රචණ්ඩත්වය, ලිංගික ක‍්‍රියා, පිළිකුල් සහගත හෝ භයානක සිද්ධි පිළිබඳ තොරතුරු  හෝ පින්තූර ඉදිරිපත් නොකල යුතුය.
iv. වේදනාව හෝ කම්පනය සම්බන්ධ පෞද්ගලික අවස්ථාවන්හි දී සානුකම්පිතව හා විචක්ෂණ බුද්ධියෙන් කි‍්‍රයා කල යුතුය.
v.මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මිස අපරාධයකරුවකු හෝ චෝදනාවට ලක් වූ අයකුගේ ඥාතීන් හෝ මිතුරන් හඳුන්වාදීමෙන් මාධ්‍යවේදියකු වැලකිය යුතුය.

6. විචක්ෂණභාවය
පුද්ගලයකුගේ ජන වාර්ගික කණ්ඩායම, ආගම, ලිංගිකත්වය හෝ ශාරීරික හෝ මානසික ආබාධයක් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකල යුතුය.

7. ප‍්‍රදානයන් කිරීම සහ ප‍්‍රසාද දීමනා
   i. තොරතුරු මර්දනය කිරීමට හෝ ප‍්‍රකාශයට පත් කිරීමට සෑම මාධ්‍යවේදියකුම අල්ලස් ගැනීම හෝ පොළඔවා ගැනීම නොකල යුතුය.
  i. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ගෙවීමක් ඉල්ලා සිටීම, ප‍්‍රවෘත්ති සංකල්පයට සාධාරණ,  නිරවද්‍ය, අපක්ෂපාත, හා සත්‍ය තොරතුරු වාර්තා කිරීමට උනන්දු විය යුතුය.

8. ප‍්‍රචණ්ඩත්වය 
  ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, සන්නද්ධ කොල්ලකෑම්, ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හෝ ධනවතුන්ගේ තේජස පෙන්වන අශ්ශීල දර්ශන මහජන ප‍්‍රසිද්ධියට පත් නොකල යුතුය.

9. දරුවන් සහ බාල වයස්කරුවන්
 ලිංගික අපරාධ සහ චාරිත‍්‍ර හෝ මායා බන්ධන වින්දිතයන්, සාක්ෂිකරුවන් හෝ විත්තිකරුවන් ලෙස නඩුපැවරීම් සිදුකරන වයස අවුරුදු 16ට අඩු දරුවන් හඳුන්වාදීම හෝ නම්,ඡායාරූප හෝ  සම්මුඛ සාකච්ඡා පැවැත්වීම නොකල යුතුය.

10. තොරතුරු ප‍්‍රචේශය
තොරතුරු එක්රැස් කිරීමේ දී විවෘත හා අවංක ක‍්‍රම යොදා ගැනීමට සෑම මාධ්‍යවේදියකුම උත්සාහ කල යුතුය.
  සුවිශේෂී ක‍්‍රම යොදා ගත යුත්තේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පමණි.

11. පොදු උනන්දුව 
    ජාතික සමගිය සහ පොදු යහපත වැඩි දියුණු කිරීම සඳහා මාධ්‍යවේදියකුම උත්සාහ කල යුතුය.

12. සමාජ වගකීම
 මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ ජාත්‍යන්තර අවබෝධය  පිළිබඳ විශ්වීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කල යුතුය.

13. රචනා සොරකම
 සෑම මාධ්‍යවේදියකුම ජනතාවගේ වැඩ වලින් තොරව හෝ කැමැත්තෙන් තොරව තොග හෝ අර්ධ වශයෙන් පිටපත් නොකල යුතුය.

14. ප‍්‍රකාශන හිමිකම
   i. යම් කාර්යක් පිටපතක්, විකාශනයක්, කලා කෘතියක් හෝ නිර්මාණයක් බවට පත් කල විට නිසි   පිලිගැනීමක් කර්තෘට ලබා දිය යුතුය.
 ii. ජාතික හා අන්තර්ජාතික නීති හා සම්මුතීන් විසින් ස්ථාපිත කර ඇති ප‍්‍රකාශන හිමිකම් වල සියලූ නීති රීති අනුව සෑම මාධ්‍යවේදියකුම කටයුතු කල යුතුය.

15. පුවත්පත් නිදහස සහ වගකීම 
    මාධ්‍යවේදීන් මාධ්‍ය නිදහස සහ වගකීම් වැඩි දියුණු කිරීම සඳහා සෑම විටම උත්සාහ කල යුතුයි

                                        නයිජීරියානු මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම සංග‍්‍රහය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එම ආචාර ධර්ම වල වැදගත්කම පිළිබඳව මුලින්ම සහතික කර ඇති බවයි. එම ආචාර ධර්ම වල ප‍්‍රමිතීන් ඉහළ නැංවීම ජනමාධ්‍යවේදීන්ගේ යුතුකමක් ලෙස ද එහි දක්වා තිබේ. මාධ්‍යවේදීන් විසින්ම නිර්මාණය කර ගත් මෙම ආචාර ධර්ම පද්ධතිය තුළ ස්වයං නියාමනයක් පවතින අතර මහජන සුබ සිද්ධිය වෙනුවෙන් කි‍්‍රයා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වන බව මෙම ආචාර ධර්ම දෙස බැලීමෙන්ම පසක් වේ. පූර්විකාවේ සඳහන් වන පරිදි මහජනතාව ජනමාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය රැක ගැනීම සඳහා මාධ්‍යවේදීන් කි‍්‍රයා කල යුතු බවත් සෑම විටම සත්‍ය තහවුරු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රධාන කාර්යභාරය විය යුතු බවත් එහි තව දුරටත් දක්වා තිබේ. මේ තුළින් සත්‍යට මුල් තැනක් ලබා දී තිබීම වැදගත් තත්වයකි. 

                                 ආචාර ධර්ම සංග‍්‍රහයේ 1 වන වගන්තියට අනුව පෙනී යන්නේ සංස්කාරක ස්වාධීනත්වය තුළින් ප‍්‍රවෘත්ති අන්තර්ගතය පිළිබඳ තීරණ ගැනීමට මාධ්‍යවේදීන්ට නිදහස ලබා දීම නිසා වෘත්තීමය නිදහස හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති ආකාරයයි. එහෙත් මෙම වගන්තියේ සංස්කාරක ස්වාධීනත්වය පිළිබඳ දක්වා ඇති කරුණු ප‍්‍රමාණය සවිස්තරාත්මක නැත.

                           2 වන වගන්තියේ නිරවද්‍යතාව හා සාධාරණත්වය තුළින් මහජනතාවට සත්‍ය, නිවැරදි, සමබර හා සාධාරණ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කර ඇති ආකාරයත් මාධ්‍යවේදීන් අතින් වැරදි තොරතුරක් ප‍්‍රකාශයට පත් වුව හොත් ඒවා නැවත නිවැරදි කල යුතු බවත් මෙහි දක්වා තිබීම තුළින් මාධ්‍යවේදීන්ට හිමි වන අසීමිත නිදහස පාලනය කර ඇති බව දක්නට ලැබේ. එසේම පල කරන ලද ප‍්‍රවෘත්තියක් හෝ වෙනත් දෙයක් සඳහා මහජනතාවට පිළිතුරු දීමට ඇති අයිතිය ද මේ තුළින් සුරක්ෂිත කර තිබීම මෙම ආචාර ධර්ම සංග‍්‍රහයේ පවතින වැදගත් ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මාධ්‍යවේදින් සත්‍ය පුවත් හා අනුමාන පුවත් වෙන් කර දැක්විය යුතු බව දැක්වීම තුළින් මහජනතාවට තොරතුරු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ මගින් ගෙන ඇති බව පසක් වේ. එසේම මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා තිබීම වැදගත් තත්වයකි. 

                            ජනතාවගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන් බැඳී සිටිය යුතු බව 3 වන වගන්තිය මගින් දක්වා තිබේ. යම් පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු පොදු ජන සුබ සිද්ධියට හේතු වනවා නම් මිස ඒවා හෙළිදරව් නොකල යුතු බවත් යම් පුද්ගලයකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය සාධාරණ විය යුතු කරුණු 4ක් මෙහි සවිස්තරව දක්වා තිබීම තුළින් ජනතාවගේ පෞද්ගලික තත්වයන්ට ඇති වන අනවශ්‍ය බාධා කිරීම් මේ තුළින් වලක්වා ඇති අතරම මාධ්‍යවේදීන්ට නිදහස අව භාවිතයට ලක් කිරීමට ඇති ඉඩකඩ ද සීමා කර තිබේ.

                                4 වන වගන්තිය තුළින් මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගත් මූලාශ‍්‍ර හෙලිදරව් නොකිරීම වෘත්තීය වගකීමක් ලෙස දක්වා තිබීමෙන් මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව සහතික වනවා මෙන්ම ඔවුන්ට මාධ්‍යවේදීන් පිළිබඳව මේ නිසා විශ්වාසයක් ද ගොඩනැගේ. 

                      5 වන වගන්තිය තුළින් මාධ්‍යවේදීන් විසින් කල යුතු නොකල යුතු දේවල් පිළිබඳව දක්වා ඇති නිසා ඔවුන් භාවිතා කල යුතු භාෂාව, ප‍්‍රචණ්ඩත්වය, ලිංගික කි‍්‍රයා, භයානක සිද්ධි වැනි පොදු ජන රුචියට හානිකර දේවල් ඉදිරිපත් නොකල යුතු බවත් කම්පනය ඇති වන දේවල් ඉදිරිපත් කල යුතු ආකාරය හා අපරාධකරුවන්ගේ ඥාති, මිත‍්‍රාදීන් හඳුන්වා නොදීම පිළිබඳවත් සවිස්තරව මෙහි දක්වා තිබීම තුළින් පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතු බවට මාධ්‍යවේදීන්ට උපදෙස් ලබා දී තිබේ.

                             පුද්ගලයන්ගේ ජාතිය, වර්ගය, ආගම, ලිංගිකත්වය, ශාරීරික, මානසිික, දුර්වලතා ප‍්‍රසිද්ධියට පත් නොකල යුතු බව 6 වන වගන්තිය මගින් දක්වා තිබීම තුළින් වාර්ගික සමගිය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම පුද්ගලයන්ට සමාජයේ ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩකඩ ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා නොතිබීම මෙහි ඇති දුර්වලතාවයකි.

                           7 වන වගන්තියේ මාධ්‍යවේදීන් අල්ලස් ගැනීම, ඔවුන් එයට පෙළඹවීම වරදක් බව දක්වා තිබීම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස වැදගත් වේ. මාධ්‍යවේදීන් පොදු ජන යහපත වෙනුවෙන් ක‍්‍රියා නොකර පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් ක‍්‍රියා කිරීම වැලැක්වීම මෙම වගන්තියේ අරමුණ බව පෙනී යයි.
                          ආචාර ධර්ම සංග‍්‍රහයේ 8 වන වගන්තිය මගින් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව දක්වා තිබීම තුළින් රටේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය නොවන ආකාරයට වැඩපිළිවෙල සකස් කර තිබෙන ආකාරය දක්නට ලැබේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මාධ්‍ය මගින් පෙන්වීම තුළින් සමාජයේ තව දුරටත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇති වීම වැලැක්විය නොහැක. ඒ නිසා මෙම වගන්තිය තුළින් එම තත්වයන් වැලැක්වීම සාධනීය තත්වයකි. 

                                 මෙම ආචාර ධර්ම සංග‍්‍රහය තුළින් ළමුන් පිළිබඳව ද අවධානය යොමු කර තිබීම ද විශේෂත්වයකි. ඒ පිළිබඳව 9 වන වගන්තියේ දැක්වෙන්නේ වරදක් සිදු කරන ලද වයස අවුරුදු 16 ට අඩු දරුවන් පිළිබඳව වාර්තා නොකල යුතු බවයි. ඒ තුළින් ළමා පෞර්ෂ්‍යයට ඇති වන හානිකර තත්වයන් අවම කර තිබුන ද මෙහි දී සාමාන්‍ය දරුවන් පිළිබඳව අවධානයක් දක්වා නොතිබීම මෙහි පවතින අඩුපාඩුවක් ලෙස දැක්විය හැකිය.

                                  10 වන වගන්තිය මගින් තොරතුරු එක්රැස් කිරීමේ දී අවංකව සිදු කල යුතු බවත් විශේෂ ක‍්‍රම යොදා ගන්නේ නම් එය පොදු ජන අවශ්‍යතා වෙනුවෙන් විය යුතු බවත් දක්වා තිබීම නිසා රැවටීමෙන්, වංචාවෙන් තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථා අවම කර තිබේ. ඒ තුළින් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර තිබෙන අතරම ඇතැම් තොරතුරු වලට පවතින රහස්‍යභාවය ද මේ තුලින් ආරක්ෂා කර තිබේ.

                                      11 වන වගන්තිය මගින් ජාතික සමගිය ඇති කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමක් බව දක්වා තිබීම තුළින් රටේ සියළු ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට වැදගත් වුව ද මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා නොතිබීම මෙහි ඇති ප‍්‍රධාන දුර්වලතාවකි.

                                     12 වන වගන්තියේ මාධ්‍යවේදීන්ගේ වගකීමක් ලෙස මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය, සාමය හා ජාත්‍යන්තර අවබෝධය පිළිබඳ විශ්වීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කල යුතු බව දක්වා තිබීම තුළින් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ජන මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පුළුල් කර ඇති බව දක්නට ලැබේ. එහෙත් මෙම වගන්තියේ කොටස් කිහිපයක් සඳහන් වුව ද ඒවා පිළිබඳව වෙන් වෙන් වශයෙන් සවිස්තරාත්මක විග‍්‍රහයක් දක්නට නොලැබේ.

                          රචනා සොරකම තුළින් ජනමාධ්‍යවේදීන් වලක්වා එහි මුල් අයිතිකරුට ඇති අයිතිය 13 වන වගන්තිය මගින් සුරක්ෂිත කර ඇති අතර 14 වන වගන්තිය මගින් ප‍්‍රකාශන හිමිකම සුරැකීම අන්තර්ජාතික නීති රීති වලටද අනුව ක‍්‍රියා කල යුතු බව දක්වා තිබීමෙන් මාධ්‍යවේදීන් හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කිරීමට යොමු කිරීම මෙන්ම නිර්මාණ වල අයිතිය සුරැකීමට අන්තර්ජාතික වශයෙනුත් ක‍්‍රියා කල යුතු බවට දන්වා තිබීම වැදගත් තත්වයකි.

                                අවසාන වශයෙන් 15 වන වගන්තිය මගින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව දක්වා තිබුන ද එය සවිස්තරාත්මක නැත. 

7 comments:

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...