දේශපාලනය හා ජනමාධ්‍ය අතර අතීතයේ පටන්ම අවියෝජනීය සම්බන්ධතාවයක් දක්නට ලැබේ. එය මිනිසුන් ශිෂ්ඨාචාරගත වූ මුල් කාලයේ පටන්ම දියුණු සන්නිවේදන ක‍්‍රම නොමැති වුවත් සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම ඔස්සේ සිදු කෙරුනි. ලෝකයේ කිසිදු රටක දේශපාලන ප‍්‍රවාහයට ජනමාධ්‍ය හවුල් කර නොගන්නේ නැත. රටක පවතින 4 වන ආණ්ඩුව බවට අද වන විට ජනමාධ්‍ය පත්ව ඇති බවට පිලිගැනීමක් ද පවතී. දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ජනමාධ්‍යයේ කැපී පෙනෙන දායතක්වයක් දක්නට ලැබෙන්නේ මැතිවරණ කාල වකවානු තුළදීය. සෑම මැතිවරණ ක‍්‍රියාදාමයක්ම රදා පවතින්නේ ජනමාධ්‍ය මතය. යම් අපේක්ෂකයකුගේ ජයග‍්‍රහණය මෙන්ම පරාජයද අද රැඳී පවතින්නේ ජනමාධ්‍ය මතය. ජනමාධ්‍ය හැරුනු විට මැතිවරණ ක‍්‍රියාදාමය තුළ අද වන විට සමාජ මාධ්‍ය ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. ඒ හරහා ජනතාවටද මැතිවරණ ක‍්‍රියාවලියට සෘජුව දායක වීමට හැකි වීම මත ජනමාධ්‍ය භාවිතා කරන පිරිසට වඩා අද සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස වැඩි වී තිබේ. ඒ අනුව මෙම පරිච්ජේදය තුලින් 2015 නයිජීරියානු මැතිවරණ සමයේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම කෙබදුද යන්න විමසා බලමු.
1999 දී නයිජීරියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට පැමිණි දින පටන් මේ දක්වාම එරට ජන මාධ්‍ය තීරණාත්මක පාර්ශවකරුවකු ලෙස ක‍්‍රියා කලේය. දේශපාලන න්‍යාය පත‍්‍ර සැකසීම හා මහජන සහභාගීත්වය සැපයීම මෙන්ම දේශපාලන සංවාද සඳහා ඉදිරි දර්ශන සැපයීම ද සිදු කරයි. පේට් වැනි විශාරදයින් පවසන්නේ 1999-2011 දක්වා කාලය තුළ නයිජීරියානු ජන මාධ්‍ය මැතිවරණ වල දී වැඩි වශයෙන් ආවරණය කර ඇත්තේ අපේක්ෂකයන්ගේ පසුබිම් හා ඔවුන්ගේ ඡන්ද පොරොන්දු ඉටු කිරීම පමණක් වන බවයි. එම නිසා මාධ්‍ය තම භූමිකාව විවිධ පැතිකඩ ඔස්සේ ක‍්‍රියාකිරීමට වග බලා ගත යුතු බව ඔහු තවදුරටත් පවසයි. නයිජීරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ජනමාධ්‍ය මැතිවරණ සමයේ තීරණාත්මක භූමිකාවක් ඉටු කලේය. ඒ අතර ප‍්‍රධාන වශයෙන්
x ජනතාවට මැතිවරණය පිළිබඳ තොරතුරු සැපයීම
x තොරතුරු කිසිදු මුදල් අය කිරීමකින් තොරව විශ්වසනීයව
සැපයීම
x ඡන්දදායකයින් අතර සමබර අධ්‍යාපනයක් හා මතයක් ගොඩනැගීම
දක්නට ලැබුනි.
2015 මැතිවරණයේ දී නයිජීරියානු ජන මාධ්‍ය ඉතිහාසයේ මෙතෙක් නොවූ අයුරින් විශාල මැතිවරණ ආවරණයක් සිදු කලේය. දේශපාලන දැන්වීම් වලට පමණක් සීමා නොවී ප‍්‍රවෘත්ති විශ්ලේෂණ, ප‍්‍රවෘත්ති විශේෂාංග, ප‍්‍රවෘත්ති කතා, කතුවැකි, අදහස්, ලිපි මෙන්ම අනෙකුත් මාධ්‍ය අනාවැකි 28 වන දිනට පෙර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල්ව සිදු කලේය. එපමණක් නොව ජන මාධ්‍ය ජන හමු සංවිධානය කරමින් ජනතාවගේ අදහස් හා යෝජනා ද එක්රැස් කර ගත්තේය. මීට අමතරව ඔවුන්ගේ වෘත්තීයමය කාර්යභාරයට එහා ගොස් මැතිවරණය සම්බන්ධ ගැටළු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන කටයුතු ද ජනතාව වෙනුවෙන් ඉටු කරමින් පක්ෂ වලට හා අපේක්ෂකයන්ට සත්‍යතාව, සමබරතාවය හා සාධාරණත්වය පිළිබඳ උපදෙස් ද ලබා දුන්නේය. මාධ්‍ය ආයතන තුළම මාධ්‍ය සැසි පැවැත්වීය.
නිවැරදි මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය වලට අවශ්‍ය මගපෙන්වීම මාධ්‍ය විකාශන කොමිසම මගින් ලබා දෙන ලදී. මීට අමතරව ජාතික අවධාරණ ඒජන්සියෙන්, විකාශන සංවිධානයෙන් හා නිදහස් ජාතික මැතිවරණ කොමිසම මගින් ද මාධ්‍ය සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලැබුනි. මෙම මැතිවරණයට නයිජීරියානු මාධ්‍ය අතරින් ගුවන්විදුලි නාලිකා 200ක්, රූපවාහිනී නාලිකා 150ක්, හා පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය 400ක් දායක විය.
ගුඞ්ලක් ජොනතන්ගේ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් නයිජීරියානු රූපවාහිනී අධිකාරිය විශේෂ පුවත් 57%ක් විකාශනය කලේය. ෆෙඩරල් රේඩියෝ සංගමය 43%ක ආවරණයක් එම පක්ෂයට ලබා දුන්නේය. ජනාධිපති හා ෆෙඩරල් රජයේ ක‍්‍රියාකාරකම් සඳහා අමතර ගුවන්කාල 27%ක් නයිජීරියානු රූපවාහිනී අධිකාරිය ලබා දුන් අතර ෆෙඩරල් රේඩියෝ සංගමය ගුවන්කාල 35%ක් ලබා දුන්නේය. එහෙත් මුහම්මද් බුහාරිගේ සියලූ ප‍්‍රගතිශීලී කොංග‍්‍රසයට රූපවාහිනී අධිකාරිය 11%ක ආවරණයක් ද ෆෙඩරල් රේඩියෝ සංගමයේ ගුවන් කාල 13%ක් ද පමණක් ලබා දී තිබුනි. මැතිවරණය සම්බන්ධයෙන් පෞද්ගලික නාලිකා වල ක‍්‍රියාකාරීත්වය ගත් විට AIT TV ආයතනය මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති විකාශන 62%ක් ද සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය සඳහා 23%ක් ද ලබා දී තිබේ. එම නාලිකාවේම සාකච්ජාමය වැඩසටහන් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් 55%ක් ද සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය සඳහා 17%ක් ද ලබා දී තිබුනි. මෙම මැතිවරණයේ දී The gurdian, This day සහ Daily trust යන පුවත්පත් තුනම කිසිදු පක්ෂයකට පක්ෂග‍්‍රාහී නොවී සමබර වාර්තාකරණයක් සිදු කලේය. ප‍්‍රාන්ත ගුවන්විදුලි නාලිකා වූ Borno based fm සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය වෙනුවෙන් 99%ක ගුවන් කාලයක් ලබා දී තිබුනු අතර Kaduna based fm මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් 97% ක ගුවන් කාලයක් වෙන් කර දී තිබුනේය. Lagous rivers fm සියලූ ප‍්‍රගතිශීලී පක්ෂයට පක්ෂග‍්‍රාහීවත් Enuga fm මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට පක්ෂග‍්‍රාහීවත් ක‍්‍රියා කලේය.
ඉහතින් දක්වන ලද කරුණු වලට අනුව පෙනී යන්නේ මෙම මැතිවරණය තුළ දී රාජය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ක‍්‍රියා කර ඇති බවයි. එහි දී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙරට මාධ්‍ය වැඩි ගණනක් එක් එක් අපේෂකයන්ට පකෂග‍්‍රාහීව ක‍්‍රියා කර ඇති බවයි. එය මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි බව මෙරට මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම සංග‍්‍රහයේ 2 වන වගන්තිය තුළ මෙසේ දක්වා තිබේ.
” 2. නිරවද්‍යතාව හා සාධාරණත්වය
i. මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය. සත්‍ය, නිරවද්‍ය, සමබර හා සාධාරණ වාර්තාකරණය
යනු යහපත් ජනමාධ්‍යයේ මූලික පරමාර්ථය මෙන්ම මහජන විශ්වාසය උපදවන පදනමයි.”
ඉහත වගන්තිය තුළ සමබර හා සාධාරණ වාර්තාකරණය පිළිබඳව මෙන්ම සත්‍ය හා නිවැරදි තොරතුරු වාර්තාකරණය පිළිබඳව ද දක්වා ඇති අතර මෙම මැතිවරනය තුළ දී මෙම ආචාර ධර්මය ද මාධ්‍ය මගින් කඩකල අවස්ථා සුලබ විය. එනම් ඇතැම් මාධ්‍ය ආයතන මගින් අපේක්ෂකයන් පිළිබඳ අසත්‍ය ප‍්‍රකාශ වාර්තා කරමින් ජනතාව නොමග යැවූ ආකාරය දක්නට ලැබුනි. නයිජීරියානු රූපවාහිනී සංගමය හා අප‍්‍රිකානු ස්වාධීන රූපවාහිනිය මෙන්ම තවත් නාලිකා ගණනාවක් මුහම්මද් බුහාරිගේ ප‍්‍රතිරූපයට අවමන් සහගත වන අයුරින් අසත්‍ය ප‍්‍රකාශ පල කලේය. එවන් දැන්වීම් කිහිපයක් පහතින් දැක්වේ.
”බුහාරි යනු රොද්‍ර ඒකාධිපතියෙකි”
අහම්මදු අලි (ජොනතන්ගේ ප‍්‍රචාරක සංවිධායක* විසිනි.
”බුහාරිගේ ද්වීතියීක පාසල් සහතිකය ව්‍යාජයකි”
ෆෙමිෆානි කයිඬේ (ජොනතන්ගේ ප‍්‍රචාරක අධ්‍යක්ෂක* විසිනි.
”බුහාරි මොළය මැරුනු රෝගියෙකි.”
ජොනතන්ට එවැනි අසත්‍ය ප‍්‍රකාශ දක්නට නොලැබුනේය. එයට හේතු වූයේ ජොනතන්ට හිටපු ජනාධිපති වශයෙන් වැඩි බලයක් හිමිව තිබූ නිසාය. මේ තුළින් අපේෂකයන් අතර පෞද්ගලික පලිගැනීම් ද දක්නට ලැබුනි. මාධ්‍ය ආයතන වලට ද අපේෂකයන්ගේ අඩත්තේට්ටම් වලට යටත්ව ක‍්‍රියා කිරීමට සිදු වීම නිසා මෙවැනි අසත්‍ය ප‍්‍රකාශ පල කිරීමට සිදු විය.
අප‍්‍රිකානු කලාපයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව නයිජීරියාව සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයේ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. 2012 වන විට මෙරට අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 5ක් වූ අතර එය මුළු ජනගහණයෙන් 33%කි. එහෙත් යකුබ් සහ සානි තරයේම ප‍්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය තවමත් නයිජීරියාවේ මුළු ජනගහණයම ආවරණය කර නොමැති බවයි. මෙරට සමාජ මාධ්‍ය වැඩි ප‍්‍රමාණයක් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වන අතර ඉතා සුළු ප‍්‍රමාණයක් දේශීය භාෂා වලින් ක‍්‍රියාත්මක වෙයි. මෙම මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ඇතැම් සමාජ මාධ්‍ය දේශීය භාෂාවන් භාවිතා කලේය. නයිජීරියාවේ මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය භාවිතය පළමුව දක්නට ලැබුනේ 2011 මහ මැතිවරණයේ දීය. ඒ කරුණු 3ක් අරමුණු කරගෙනය. එනම්,
1 මැතිවරණයට අදාළ තොරතුරු හුවමාරු කිරීම
උදා : ජනතාවට තම ඡන්ද කොට්ටාස වල ප‍්‍රතිඵල, ජායාරූප ලබා ගැනීමට මේ නිසා හැකි විය.
2 දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් හා සංවිධාන වල ප‍්‍රචාරණ කටයුතු සහ දැනුවත් කිරීම් සඳහා.
උදා : ස්වාධීන මැතිවරණ කොමිසම මැතිවරණ සන්නිවේදන කටයුතු සඳහා facebook, youtube, twitter භාවිතා කරමින් ජනතාව දැනුවත් කලේය.
3 මැතිවරණ නිරීක්ෂණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ වීමත් සමඟ ප‍්‍රධාන ප‍්‍රවාහයේ පවතින ප‍්‍රවෘත්ති නාලිකා තම වෙබ් අඩවි හරහා ද ප‍්‍රචාරණ කටයුතු දියත් කලේය. මෙම මැතිවරණයේ දී අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කලේය. ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සහ ඔවුන්ගේ පක්ෂ දෙකේම ක‍්‍රියාකාරීන් Twitter, facebook ගිණුම් පවත්වාගෙන ගියේය. මෙම ගිණුම් හරහා ඔවුන් සජීවී සාකච්ජා, නගර ශාලා රැස්වීම් වල වීඩියෝ දර්ශන මෙන්ම ලිපි ද පල කලේය. රටේ ජනතාව අතුරින් තරුණ ප‍්‍රජාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන නිසා සමාජ මාධ්‍ය මගින් තරුණ පිරිස් වල දේශපාලන මතය හැඩගැස් වූ අතරම ඔවුන්ගේ දේශපාලන දැනුවත්භාවය ද වර්ධනය කලේය. එසේම අපේකෂකයින්ට ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වීමට මේ නිසා හැකියාව ලැබුනි.
මෙම මැතිවරණයේ දී Hashtugs නම් ලින්ක් වර්ග 40 - 50ත් අතර ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වී තිබෙනු දක්නට ලැබුනි. දේශපාලන විවාද සහ නීතිමය කරුණු පිළිබඳ සාකච්ජා මේවා තුළ දක්නට ලැබුනි. Hashtagin නමින් දේශපාලන සම්බන්ධතා සහ අපේක්ෂකයන්ට සහය ලබා දෙන ජාලයක් ද දක්නට ලැබුනි.Lagous based communication ජාලය මගින් මුහම්මද් බුහාරිගේ තරුණයන් වෙනුවෙන් සිදු කල ඩිජිටල් ප‍්‍රචාරණ ව්‍යාප්ත කලේය. ගුඞ්ලක් ජොනතන්ගේ ප‍්‍රචාරණ Social media week lagous ජාලය මගින් සිදු කෙරුනි. ප‍්‍රධාන පක්ෂ දෙකම තරුණ ප‍්‍රජාවගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දීමට Google hang out භාවිතා කලේය. සියලූ ප‍්‍රගතිශීලී කොංග‍්‍රසය මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට තම ආධාරකරුවන් හරහා සමාජ මාධ්‍ය භාවිතා කලේය.
මෙම මැතිවරණයේ සක‍්‍රීයව පැවති සමාජ මාධ්‍ය අතුරින් වැඩි දායකත්වයක් දක්වන ලද්දේ Twitter. 2015 මාර්තු 18 සිට අපේ‍්‍රල් 22 දක්වා කාලය තුළ පර්යේෂකයින් විසින් මිලියන 1.38 ක Twitter භාවිතා කරන්නන්ගෙන් මෙම මැතිවරණය සම්බන්ධ ලිපි මිලියන 13.6ක් එක්රැස් කර ගෙන තිබේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් හා වෙනත් භාෂා කිහිපයකින් මේවා ලිය වී තිබුනි. Twitter ක‍්‍රියාකාරකම් ජනගහණය හා සසදා බැලූ විට පෙනී යන්නේ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. දිවයිනේ නිරිත දිග ලාගෝස් ප‍්‍රාන්තයේ Twitter වැඩි වශයෙන් භාවිතා කර ඇති අතර නසරාවා හා කඩුනා ප‍්‍රාන්ත වලද යම් වැඩි වීමක් දක්නට ලැබුනි. මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වන දින රට පුරා විදුලිය බිද වැටී තිබුනු නිසා රූපවාහිනිය හා ගුවන්විදුලිය හරහා ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වුවද Twitter භාවිතා කරන පිරිස් ප‍්‍රමාදයකින් තොරව ඒ හරහා ප‍්‍රතිඵල දැන ගත්තේය.
Twitter තරමටම මෙම මැතිවරණයේ ජනප‍්‍රිය වූ අනෙක් සමාජ මාධ්‍ය වන්නේ Facebook ය. අපේක්ෂකයින් තම Fan pages හරහා තම ප‍්‍රචාරණ කටයුතු සිදු කලේය. ඒ කෙරෙහි ජනතාව කොතරම් ආකර්ශනය වූයේ ද යන්න ඔවුන් කර ඇති Likes, Comments,Shares තුළින් වටහා ගත හැකිය. මෙම මැතිවරණ කාලය තුළ රටේ Facebook භාවිතා කල පිරිස 216000ට අධික විය. මෙම පිරිසගේ පිටු වල මැතිවරණය සම්බන්ධ දහස් 383000ක් පමණ දක්නට ලැබුනි. ගුඞ්ලක් ජොනතන්ගේ Pan page එක වඩාත් සක‍්‍රීය මෙන්ම ආකර්ශනීය එකක් විය.
Youtube හරහා ද පුළුල් ප‍්‍රචාරණයක් මෙම මැතිවරණය තුළ දක්නට ලැබුනි. අපේකෂකයන්ගේ දැන්වීම්, ප‍්‍රවෘත්ති, ජනතාව මැතිවරණය පිළිබඳ දක්වන අදහස්, මැතිවරණ සාකච්ජා, පෙළපාලි, රැස්වීම්, මැතිවරණයට වෙනත් රාජ්‍ය වල නායකයන් එක් කල සුභ පැතුම් සහිත වීඩියෝ දර්ශන මෙන්ම මැතිවරණය සම්බන්ධව සැකසූ හාස්‍යමය වීඩියෝ දර්ශන ද මේ තුළ දක්නට ලැබුනි. විශේෂයෙන් BBC නාලිකාව ජනතාව මැතිවරණය පිළිබඳව දක්වන අදහස් වැඩි වශයෙන් Youtube වෙත එක් කර තිබුනි.
බුහාරිගේ ජයග‍්‍රහණයෙන් පසු ජනතාවට තම ප‍්‍රශ්න පිළිබඳව ඔහු සමඟ කතා කිරීමට Hashtaug ගිණුමක් ඔහු විසින් විවෘත කලේය. මෙම මැතිවරණය තුළින් අනාගත මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය හා ජනතාව අතර සබධතාවක් ගොඩනැගීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසුවේය. එසේම රටේ ප‍්‍රධාන ජන මාධ්‍ය වලට වඩා වැඩි දායකත්වයක් මෙම මැතිවරණය සඳහා සමාජ මාධ්‍ය දැක්වීය. ජනතාව සාම්ප‍්‍රදායික ජන මාධ්‍ය මගින් තොරතුරු ලබා ගන්නවාට වඩා සමාජ මාධ්‍ය වටා එක් වූ බව පැහැදිළිව දක්නට ලැබුනි. එසේම මෙම කාල වකවානුව තුළ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු හුවමාරුව ද දක්නට ලැබුනු අතර ඒ පිළිබඳ පැමිණිලි 796ක් වාර්තා වී තිබුනි. මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයට අදාල Twitter වාර්තා 350000ක් වාර්තා වී තිබුනි.
good job
ReplyDeletethnxs
Deletewatina lipiyak
ReplyDeletethnxs
Delete