Saturday, July 28, 2018

නයිජීරියානු මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග‍්‍රහයේ වැදගත්කම














1988 මාර්තු 18 - 20 දින දක්වා නයිජීරියානු පුවත්පත් කවුන්සිලය හා නයිජීරියානු පුවත්පත් සංවිධානය එක්ව සංවිධානය කල ilorin සංසදයේ දී මෙම නව නීති සංග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර අනුමත කරන ලදී.                                         

ilorin ප‍්‍රකාශය
ආචාර ධර්ම සංග‍්‍රහය ක‍්‍රියාවට නැංවීම සඳහා සංසදයේ නියෝජිතයින් පහත පරිදි සහතික කර ප‍්‍රකාශ කරනු ලැබේ. 

අප : 
ජනමාධ්‍යයේ වැදගත් කරුණක් ලෙස ආචාර ධර්ම සංග‍්‍රහයේ ප‍්‍රමිතීන් වල අත්‍යවශ්‍යයතාවය සහ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආචාර ධර්ම භාවිතය සඳහා අත්‍යවශ්‍යතාවය පිළිගනිමු. වෘත්තිකයින් විසින් සකස් කරන ලද ආචාර ධර්ම සහ වෙනත් ව්‍යුහයන් මගින් ස්වයං නියාමනය නිසා වෘත්තීයවේදීන්ගේ සහ මහජනතාවගේ යහපතට වඩාත් හොඳ සේවයක් වන බව සහතික කරමු. 1992 වසරේ අංක 85 දරණ නයිජීරියානු පුවත්පත් මණ්ඩල පනතෙහි නයිජීරියාවේ පුවත්පත් කලාවේදීන් ඇතුළුව ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්ණායකයන් සහතික කිරීම සඳහා නයිජීරියානු මාධ්‍යවේදීන්ගේ සංගමය, නයිජීරියානු සංස්කාරකවරුන්ගේ සංගමයේ සහ නයිජීරියානු පුවත්පත් හිමියන්ගේ සංගමය, ආචාර ධර්ම සංග‍්‍රහය අනුගමනය කිරීම සහ සියලූම මාධ්‍යවේදීන් විසින් එහි විධිවිධාන පිළිපැදීම ප‍්‍රවර්ධනය කිරීම සහ නයිජීරියානු පුවත්පත් මණ්ඩලය, නයිජීරියානු පුවත්පත් සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා පුවත්පත් සහ මහජනතාවගේ යහපත සඳහා ආචාර ධර්ම සංග‍්‍රහය ප‍්‍රචාරය කිරීම හා එහි විධිවිධාන අනුගමනය කිරීම මෙතැන් සිට සහතික කරමු.


                                                                                       
පූර්විකාව

 ජනමාධ්‍යවේදීන්ට මහජන විශ්වාසය ඉහළ මට්ටමක පවතී. මෙම විශ්වසනීයත්වය රැක ගැනීම හා පවත්වාගෙන යාම සෑම මාධ්‍යවේදියකුම හා සෑම ප‍්‍රවෘත්ති මාධ්‍යයකම උසස්තම වෘත්තීය හා සදාචාරාත්මක ප‍්‍රමිති නිරීක්ෂණය කිරීම සදාචාරමය වශයෙන් වැදගත් වේ. මෙම රාජකාරි ඉටු කිරීමේදී මාධ්‍යවේදියකු පොදු යහපත සැලකිල්ලට ගත යුතුය. 
සත්‍ය යනු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රධාන අංගය වන අතර සෑම මාධ්‍යවේදිය‍ෙක්ම සෑම සිදුවීමකම සත්‍ය තහවුරු කිරීමට වෙහෙස විය යුතුය.
ජනමාධ්‍යවේදීන්ගේ සවිඥානික වගකීම් හා යුතුකම් තොරතුරු සපයන්නන් ලෙස අප දන්නා අතර, නයිජීරියානු මාධ්‍යවේදීන් මෙම ආචාර ධර්ම සංග‍්‍රහය අපට ලබා දෙයි. සෑම මාධ්‍යවේදියකුම මෙම විධිවිධාන පිළිපැදීම යුතුකමකි.

1. සංස්කාරක ස්වාධීනත්වය
   ප‍්‍රවෘත්ති අන්තර්ගතය පිළිබඳ තීරණ ගැනීම වෘත්තීය මාධ්‍යවේදියකුගේ වගකීම විය යුතුය.

2. නිරවද්‍යතාව හා සාධාරණත්වය
  i. මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය. සත්‍ය, නිරවද්‍ය, සමබර හා සාධාරණ වාර්තාකරණය 
     යනු යහපත් ජනමාධ්‍යයේ මූලික පරමාර්ථය මෙන්ම මහජන විශ්වාසය උපදවන පදනමයි. 
 ii. මාධ්‍යවේදියකු වැරදි සහ නොමඟ යවන තොරතුරු ප‍්‍රකාශයට පත් නොකල යුතුය. එබඳු      
     තොරතුරු අනවබෝධයෙන් ප‍්‍රකාශයට පත් කල හොත් නිවැරදි කිරීම් කල යුතුය. මාධ්‍යවේදියකු 
     පිළිතුරු දීමේ අයිතියට ප‍්‍රමුඛතාව දිය යුතුය. 
 iii. තම වගකීම් ඉටු කිරීමේ දී මාධ්‍යවේදීන් සත්‍ය තත්වයන් හා අනුමාන අදහස් වෙන් කර  දැක්වීමට උත්සාහ කල යුතුය.

3. පුද්ගලිකත්වය
  පොදු නීතියක් ලෙස පුද්ගලයෙකුට සහ ඔවුන්ගේ පවුල් වල පෞද්ගලිකත්වයට ගරු කල යුතුය. 
  පුද්ගලයකුගේ හෝ ඔවුන්ගේ පවුලේ අයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තොරතුරු   
     මහජනතාවට බලපෑමක් වන්නේ නම් පමණක් ප‍්‍රසිද්ධ කල යුතුය.
ඊ. ඉහතින් සඳහන් කල පුද්ගලයකු පිළිබඳ එවැනි තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම සාධාරණීකරණය කල  යුතු යැයි සැලකිය යුත්තේ,
i.   අපරාධ හෝ බරපතල වැරදිකරුවන් හෙළිදරව් කිරීම,
ii.  සමාජ විරෝධී හැසීරීම් හෙළිදරව් කිරීම,
iii. මහජන සෞඛ්‍ය, සදාචාරය, සහ ආරක්ෂාව සුරැකීම,
iv. පුද්ගලයකුගේ යම් ප‍්‍රකාශයක් හෝ කි‍්‍රයාවක් මගින් මහජනතාව නොමග යැවීම වැළැක්වීම.

4. වරප‍්‍රසාද /හෙළිදරව්නොකිරීම්
i. මාධ්‍යවේදීන්ගේ රහස්‍යභාවය පිළිබඳ පොදු පිලිගත් ප‍්‍රතිපත්තිය පිළිපැදිය යුතු අතර        විශ්වාසයෙන් තොරව ලබා ගත් තොරතුරු ප‍්‍රභවයන් හෙලි නොකල යුතුය.
ii. පුවත්පත් කලාවේදියෙක් ලෙස පසුබිම් තොරතුරු ලෙසින් ලබා ගන්නා තොරතුරු මූලාශ‍්‍රයන්  සමඟ ඇති ගිවිසුම් උල්ලංඝනය නොකල යුතුය.

5. විනීතභාවය
i.   සෑම මාධ්‍යවේදියෙක්ම ජනතා කැමැත්තට අනුකූල වන අයුරින් හැඩගැසිය යුතුය.
ii.  සෑම මාධ්‍යවේදියෙක්ම අප‍්‍රසන්න, අපවාදාත්මක හෝ අශික්ෂිත භාෂාව භාවිතා නොකල යුතුය.
iii. මාධ්‍යවේදීන් ප‍්‍රචණ්ඩත්වය, ලිංගික ක‍්‍රියා, පිළිකුල් සහගත හෝ භයානක සිද්ධි පිළිබඳ තොරතුරු  හෝ පින්තූර ඉදිරිපත් නොකල යුතුය.
iv. වේදනාව හෝ කම්පනය සම්බන්ධ පෞද්ගලික අවස්ථාවන්හි දී සානුකම්පිතව හා විචක්ෂණ බුද්ධියෙන් කි‍්‍රයා කල යුතුය.
v.මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මිස අපරාධයකරුවකු හෝ චෝදනාවට ලක් වූ අයකුගේ ඥාතීන් හෝ මිතුරන් හඳුන්වාදීමෙන් මාධ්‍යවේදියකු වැලකිය යුතුය.

6. විචක්ෂණභාවය
පුද්ගලයකුගේ ජන වාර්ගික කණ්ඩායම, ආගම, ලිංගිකත්වය හෝ ශාරීරික හෝ මානසික ආබාධයක් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකල යුතුය.

7. ප‍්‍රදානයන් කිරීම සහ ප‍්‍රසාද දීමනා
   i. තොරතුරු මර්දනය කිරීමට හෝ ප‍්‍රකාශයට පත් කිරීමට සෑම මාධ්‍යවේදියකුම අල්ලස් ගැනීම හෝ පොළඔවා ගැනීම නොකල යුතුය.
  i. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ගෙවීමක් ඉල්ලා සිටීම, ප‍්‍රවෘත්ති සංකල්පයට සාධාරණ,  නිරවද්‍ය, අපක්ෂපාත, හා සත්‍ය තොරතුරු වාර්තා කිරීමට උනන්දු විය යුතුය.

8. ප‍්‍රචණ්ඩත්වය 
  ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, සන්නද්ධ කොල්ලකෑම්, ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හෝ ධනවතුන්ගේ තේජස පෙන්වන අශ්ශීල දර්ශන මහජන ප‍්‍රසිද්ධියට පත් නොකල යුතුය.

9. දරුවන් සහ බාල වයස්කරුවන්
 ලිංගික අපරාධ සහ චාරිත‍්‍ර හෝ මායා බන්ධන වින්දිතයන්, සාක්ෂිකරුවන් හෝ විත්තිකරුවන් ලෙස නඩුපැවරීම් සිදුකරන වයස අවුරුදු 16ට අඩු දරුවන් හඳුන්වාදීම හෝ නම්,ඡායාරූප හෝ  සම්මුඛ සාකච්ඡා පැවැත්වීම නොකල යුතුය.

10. තොරතුරු ප‍්‍රචේශය
තොරතුරු එක්රැස් කිරීමේ දී විවෘත හා අවංක ක‍්‍රම යොදා ගැනීමට සෑම මාධ්‍යවේදියකුම උත්සාහ කල යුතුය.
  සුවිශේෂී ක‍්‍රම යොදා ගත යුත්තේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පමණි.

11. පොදු උනන්දුව 
    ජාතික සමගිය සහ පොදු යහපත වැඩි දියුණු කිරීම සඳහා මාධ්‍යවේදියකුම උත්සාහ කල යුතුය.

12. සමාජ වගකීම
 මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ ජාත්‍යන්තර අවබෝධය  පිළිබඳ විශ්වීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කල යුතුය.

13. රචනා සොරකම
 සෑම මාධ්‍යවේදියකුම ජනතාවගේ වැඩ වලින් තොරව හෝ කැමැත්තෙන් තොරව තොග හෝ අර්ධ වශයෙන් පිටපත් නොකල යුතුය.

14. ප‍්‍රකාශන හිමිකම
   i. යම් කාර්යක් පිටපතක්, විකාශනයක්, කලා කෘතියක් හෝ නිර්මාණයක් බවට පත් කල විට නිසි   පිලිගැනීමක් කර්තෘට ලබා දිය යුතුය.
 ii. ජාතික හා අන්තර්ජාතික නීති හා සම්මුතීන් විසින් ස්ථාපිත කර ඇති ප‍්‍රකාශන හිමිකම් වල සියලූ නීති රීති අනුව සෑම මාධ්‍යවේදියකුම කටයුතු කල යුතුය.

15. පුවත්පත් නිදහස සහ වගකීම 
    මාධ්‍යවේදීන් මාධ්‍ය නිදහස සහ වගකීම් වැඩි දියුණු කිරීම සඳහා සෑම විටම උත්සාහ කල යුතුයි

                                        නයිජීරියානු මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම සංග‍්‍රහය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එම ආචාර ධර්ම වල වැදගත්කම පිළිබඳව මුලින්ම සහතික කර ඇති බවයි. එම ආචාර ධර්ම වල ප‍්‍රමිතීන් ඉහළ නැංවීම ජනමාධ්‍යවේදීන්ගේ යුතුකමක් ලෙස ද එහි දක්වා තිබේ. මාධ්‍යවේදීන් විසින්ම නිර්මාණය කර ගත් මෙම ආචාර ධර්ම පද්ධතිය තුළ ස්වයං නියාමනයක් පවතින අතර මහජන සුබ සිද්ධිය වෙනුවෙන් කි‍්‍රයා කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වන බව මෙම ආචාර ධර්ම දෙස බැලීමෙන්ම පසක් වේ. පූර්විකාවේ සඳහන් වන පරිදි මහජනතාව ජනමාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය රැක ගැනීම සඳහා මාධ්‍යවේදීන් කි‍්‍රයා කල යුතු බවත් සෑම විටම සත්‍ය තහවුරු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රධාන කාර්යභාරය විය යුතු බවත් එහි තව දුරටත් දක්වා තිබේ. මේ තුළින් සත්‍යට මුල් තැනක් ලබා දී තිබීම වැදගත් තත්වයකි. 

                                 ආචාර ධර්ම සංග‍්‍රහයේ 1 වන වගන්තියට අනුව පෙනී යන්නේ සංස්කාරක ස්වාධීනත්වය තුළින් ප‍්‍රවෘත්ති අන්තර්ගතය පිළිබඳ තීරණ ගැනීමට මාධ්‍යවේදීන්ට නිදහස ලබා දීම නිසා වෘත්තීමය නිදහස හා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති ආකාරයයි. එහෙත් මෙම වගන්තියේ සංස්කාරක ස්වාධීනත්වය පිළිබඳ දක්වා ඇති කරුණු ප‍්‍රමාණය සවිස්තරාත්මක නැත.

                           2 වන වගන්තියේ නිරවද්‍යතාව හා සාධාරණත්වය තුළින් මහජනතාවට සත්‍ය, නිවැරදි, සමබර හා සාධාරණ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කර ඇති ආකාරයත් මාධ්‍යවේදීන් අතින් වැරදි තොරතුරක් ප‍්‍රකාශයට පත් වුව හොත් ඒවා නැවත නිවැරදි කල යුතු බවත් මෙහි දක්වා තිබීම තුළින් මාධ්‍යවේදීන්ට හිමි වන අසීමිත නිදහස පාලනය කර ඇති බව දක්නට ලැබේ. එසේම පල කරන ලද ප‍්‍රවෘත්තියක් හෝ වෙනත් දෙයක් සඳහා මහජනතාවට පිළිතුරු දීමට ඇති අයිතිය ද මේ තුළින් සුරක්ෂිත කර තිබීම මෙම ආචාර ධර්ම සංග‍්‍රහයේ පවතින වැදගත් ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම මාධ්‍යවේදින් සත්‍ය පුවත් හා අනුමාන පුවත් වෙන් කර දැක්විය යුතු බව දැක්වීම තුළින් මහජනතාවට තොරතුරු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ මගින් ගෙන ඇති බව පසක් වේ. එසේම මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා තිබීම වැදගත් තත්වයකි. 

                            ජනතාවගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන් බැඳී සිටිය යුතු බව 3 වන වගන්තිය මගින් දක්වා තිබේ. යම් පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු පොදු ජන සුබ සිද්ධියට හේතු වනවා නම් මිස ඒවා හෙළිදරව් නොකල යුතු බවත් යම් පුද්ගලයකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය සාධාරණ විය යුතු කරුණු 4ක් මෙහි සවිස්තරව දක්වා තිබීම තුළින් ජනතාවගේ පෞද්ගලික තත්වයන්ට ඇති වන අනවශ්‍ය බාධා කිරීම් මේ තුළින් වලක්වා ඇති අතරම මාධ්‍යවේදීන්ට නිදහස අව භාවිතයට ලක් කිරීමට ඇති ඉඩකඩ ද සීමා කර තිබේ.

                                4 වන වගන්තිය තුළින් මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගත් මූලාශ‍්‍ර හෙලිදරව් නොකිරීම වෘත්තීය වගකීමක් ලෙස දක්වා තිබීමෙන් මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව සහතික වනවා මෙන්ම ඔවුන්ට මාධ්‍යවේදීන් පිළිබඳව මේ නිසා විශ්වාසයක් ද ගොඩනැගේ. 

                      5 වන වගන්තිය තුළින් මාධ්‍යවේදීන් විසින් කල යුතු නොකල යුතු දේවල් පිළිබඳව දක්වා ඇති නිසා ඔවුන් භාවිතා කල යුතු භාෂාව, ප‍්‍රචණ්ඩත්වය, ලිංගික කි‍්‍රයා, භයානක සිද්ධි වැනි පොදු ජන රුචියට හානිකර දේවල් ඉදිරිපත් නොකල යුතු බවත් කම්පනය ඇති වන දේවල් ඉදිරිපත් කල යුතු ආකාරය හා අපරාධකරුවන්ගේ ඥාති, මිත‍්‍රාදීන් හඳුන්වා නොදීම පිළිබඳවත් සවිස්තරව මෙහි දක්වා තිබීම තුළින් පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතු බවට මාධ්‍යවේදීන්ට උපදෙස් ලබා දී තිබේ.

                             පුද්ගලයන්ගේ ජාතිය, වර්ගය, ආගම, ලිංගිකත්වය, ශාරීරික, මානසිික, දුර්වලතා ප‍්‍රසිද්ධියට පත් නොකල යුතු බව 6 වන වගන්තිය මගින් දක්වා තිබීම තුළින් වාර්ගික සමගිය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතරම පුද්ගලයන්ට සමාජයේ ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩකඩ ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා නොතිබීම මෙහි ඇති දුර්වලතාවයකි.

                           7 වන වගන්තියේ මාධ්‍යවේදීන් අල්ලස් ගැනීම, ඔවුන් එයට පෙළඹවීම වරදක් බව දක්වා තිබීම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස වැදගත් වේ. මාධ්‍යවේදීන් පොදු ජන යහපත වෙනුවෙන් ක‍්‍රියා නොකර පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් ක‍්‍රියා කිරීම වැලැක්වීම මෙම වගන්තියේ අරමුණ බව පෙනී යයි.
                          ආචාර ධර්ම සංග‍්‍රහයේ 8 වන වගන්තිය මගින් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව දක්වා තිබීම තුළින් රටේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය නොවන ආකාරයට වැඩපිළිවෙල සකස් කර තිබෙන ආකාරය දක්නට ලැබේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මාධ්‍ය මගින් පෙන්වීම තුළින් සමාජයේ තව දුරටත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇති වීම වැලැක්විය නොහැක. ඒ නිසා මෙම වගන්තිය තුළින් එම තත්වයන් වැලැක්වීම සාධනීය තත්වයකි. 

                                 මෙම ආචාර ධර්ම සංග‍්‍රහය තුළින් ළමුන් පිළිබඳව ද අවධානය යොමු කර තිබීම ද විශේෂත්වයකි. ඒ පිළිබඳව 9 වන වගන්තියේ දැක්වෙන්නේ වරදක් සිදු කරන ලද වයස අවුරුදු 16 ට අඩු දරුවන් පිළිබඳව වාර්තා නොකල යුතු බවයි. ඒ තුළින් ළමා පෞර්ෂ්‍යයට ඇති වන හානිකර තත්වයන් අවම කර තිබුන ද මෙහි දී සාමාන්‍ය දරුවන් පිළිබඳව අවධානයක් දක්වා නොතිබීම මෙහි පවතින අඩුපාඩුවක් ලෙස දැක්විය හැකිය.

                                  10 වන වගන්තිය මගින් තොරතුරු එක්රැස් කිරීමේ දී අවංකව සිදු කල යුතු බවත් විශේෂ ක‍්‍රම යොදා ගන්නේ නම් එය පොදු ජන අවශ්‍යතා වෙනුවෙන් විය යුතු බවත් දක්වා තිබීම නිසා රැවටීමෙන්, වංචාවෙන් තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථා අවම කර තිබේ. ඒ තුළින් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර තිබෙන අතරම ඇතැම් තොරතුරු වලට පවතින රහස්‍යභාවය ද මේ තුලින් ආරක්ෂා කර තිබේ.

                                      11 වන වගන්තිය මගින් ජාතික සමගිය ඇති කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමක් බව දක්වා තිබීම තුළින් රටේ සියළු ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට වැදගත් වුව ද මෙම වගන්තිය සවිස්තරාත්මකව දක්වා නොතිබීම මෙහි ඇති ප‍්‍රධාන දුර්වලතාවකි.

                                     12 වන වගන්තියේ මාධ්‍යවේදීන්ගේ වගකීමක් ලෙස මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය, සාමය හා ජාත්‍යන්තර අවබෝධය පිළිබඳ විශ්වීය ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කල යුතු බව දක්වා තිබීම තුළින් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ජන මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පුළුල් කර ඇති බව දක්නට ලැබේ. එහෙත් මෙම වගන්තියේ කොටස් කිහිපයක් සඳහන් වුව ද ඒවා පිළිබඳව වෙන් වෙන් වශයෙන් සවිස්තරාත්මක විග‍්‍රහයක් දක්නට නොලැබේ.

                          රචනා සොරකම තුළින් ජනමාධ්‍යවේදීන් වලක්වා එහි මුල් අයිතිකරුට ඇති අයිතිය 13 වන වගන්තිය මගින් සුරක්ෂිත කර ඇති අතර 14 වන වගන්තිය මගින් ප‍්‍රකාශන හිමිකම සුරැකීම අන්තර්ජාතික නීති රීති වලටද අනුව ක‍්‍රියා කල යුතු බව දක්වා තිබීමෙන් මාධ්‍යවේදීන් හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කිරීමට යොමු කිරීම මෙන්ම නිර්මාණ වල අයිතිය සුරැකීමට අන්තර්ජාතික වශයෙනුත් ක‍්‍රියා කල යුතු බවට දන්වා තිබීම වැදගත් තත්වයකි.

                                අවසාන වශයෙන් 15 වන වගන්තිය මගින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව දක්වා තිබුන ද එය සවිස්තරාත්මක නැත. 

Wednesday, July 25, 2018

ආදරණීය අයියාට...................

                                                                                                   
රණ්ඩු කරලා හැමදාම අම්මාගෙන් ගුටි කෑවේ
මගෙ වැරදි හැම එකට වැරදිකාරයා වුනේ
හූරලා ඔය මූණ නපුරුකම් මම කලේ
ඒ උනත් හැමදාම ආදරේ උඹ කලේ

මං ටිකක් ලොකු වෙද්දි හැමදේට උඹ එද්දි
රැලේ මං දුවන කොට උඹ අතින් අල්ලද්දි
අයියා මහ වාතයක් ඉබේටම කියවෙච්චි
අද තැනක මං ඉද්දි උඹ මගේ ලඟ වෙද්දි

ආදරේ හංගගෙන නිතර මට සැර වෙච්චි
හෙවණැල්ලක් වගේ මගෙ වටේ කරකැවුනු
සහෝදරකම් අතින් අපි හැමට උඩ වෙද්දි
අයියා විතරක් නෙමෙයි උඹ මගේ අප්පච්චි

Thursday, July 19, 2018

පැනමා පත‍්‍රිකා හෙළිදරව්ච යනු කුමක්ද?



                           2016 වසරේ මුළු ලෝකයේම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පැනමා පති‍්‍රකා හෙලිදරව්ව පත් විය. පැනමා පති‍්‍රකා හෙලිදරව්ව සිදු කළේ අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.  ඒ ජර්මනියේ දක්ෂිණ නම් පුවත්පතට ලැබුනු තොරතුරුවලට අනුවය. පැනමා රට මූලස්ථානය කරගත් මොසැක් ෆොන්සේකා නම් අක් වෙරළ ගනුදෙණු සඳහා ප‍්‍රකට නීති උපදේශන ආයතනය සතු මිලියන 11.5 ක තරම් රහස්‍ය ලේඛන විශාල ප‍්‍රමාණයක් මෙහි දී හෙලිදරව් විය. එම වාර්තා අවුරුදු 40කට වඩා පැරණිය. විවිධ රටවල බලවත් සහ ධනවත් පුද්ගලයින් සමාගම් බදු මගහරිමින් අක් වෙරළ ගනුදෙණුවල යෙදී සිටි ආකාරය මේ තුළින් අනාවරණය වී තිබේ. මොසැක් ෆොන්සේකා නීති උපදේශන මූලස්ථානය පිහිටා තිබෙන්නේ පැනමා රාජ්‍යයේය. මෙම හෙලිදරව්ව පැනමා පති‍්‍රකා හෙලිදරව්ව ලෙස ප‍්‍රකට වූයේ එබැවිනි. අක් වෙරළ ගනුදෙණු පිළිබඳ ඉහළම දැනුමක් ඇති මෙම සමාගම ලෝකයේ නීති සේවා සපයන සමාගම් අතරින් සිව්වන ස්ථානයේ  රැුඳී සිටියි. ජර්මනියේ උපත ලැබූ ජර්ගන් මොසැක් සහ රැුමොන් ෆොන්සේකා විසින් මෙම සමාගම ස්ථාපිත කළේ 1977 දීය. මෙහි කාර්යාල 40ක් පමණ ලොව පුරා ව්‍යාප්තව ඇත. ලෝකයේ මෙතෙක් වාර්තා වූ විශාලම දත්ත හෙලිදරව්ව මෙය බව පැවසේ. මෙම හෙලිදරව්ව තුළින් ලෝකයේ ප‍්‍රකට අප‍්‍රකට පුද්ගලයන්ගේ නම් මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. 

                                                       පැනමාව බදු සුරපුරයක් බවට පත්ව තිබුණේ බොහෝ කාලයක පටන්ය. ඇතැම් මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කරන්නේ 1919 වසරේ සිට පැනමාව බදු සම්බන්ධයෙන් වෙනස් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. උදාහරණයක් ලෙස 1919 වසරේ දී පමණ ඇමරිකානු තෙල් නෞකා පැනමාහි ලියාපදිංචි කර ගැනීමේ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක විය. එහි අරමුණ වූයේ එම නෞකා විසින් ඇමරිකාවට ගෙවනු ලබන බදු මුදල් වළක්වා ගැනීමයි. මේ සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඞ් ඔයිල් සමාගමට මුල් යුගයේදීම ඇඟිල්ල දිගු විය. මේ යුගයේ දී ඇමරිකානු එක්සත් ජනපදයට අයත් ඇතැම් මගී නෞකා ද පැනමාවේ ලියාපදිංචි විය. එහි අරමුණ වූයේ නීතිමය බාධාවකින් තොරව නෞකා තුළ දී මගීන්ට මත්පැන් ලබා දීමට ඉඩකඩ සැලසීමයි. පැනමා රජය විසින්  ආයතන සහ තනි පුද්ගලයන්ගේ මූල්‍ය රහසිගතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා නීති ගනණාවක් මේ වන විට සම්මත කරගෙන තිබේ. කිසියම් අයෙකු මෙහි රහස්‍යභාවය හෙලිදරව් කළහොත් බරපතල අපරාධ වරදක් යටතට පැනමා නීතිය යටතේ වැටේ. එසේම කිසිඳු ආයතනයක් පැනමාවේ මූල්‍ය සේවා ලබා ගැනීමේ දී ප‍්‍රසිද්ධීයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. තමන්ගේ දේශ සීමාවෙන් පිටත කි‍්‍රයාත්මක වන කිසිඳු ගිණුමක් සම්බන්ධයෙන් කිසිඳු බැංකුවකට තොරතුරු හෙලිදරව් කිරීමේ අයිතිය නොමැත. පැනමාවේ මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් කිසිඳු සීමාවක් නැත.  ඕනෑම මුදල් ප‍්‍රමාණයක් හුවමාරු කිරීමට හැකිය. පැනමා ඇල නිර්මාණය කිරීමත් නිදහස් වෙළඳපළ කලාප ඇති කිරීමත් සමඟ මේ තත්වය වර්ධනය විය. 1980 වන විට අන්තර්ජාතික බැංකු සිය ගනණක් පැනමා නගරයේ සිය මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට සමත් විය. 

                                 මේ තත්වය ප‍්‍රයේජනයට ගත් බොහෝ ඒකාධිපති පාලකයෝ පැනමාවේ මුදල් සැගවූහ. පිලිපීනයේ සිටි අන්ත දූෂිත පාලකයෙකු වූ පර්දිනෑන්ද් මාර්කෝස් , චිලි රාජ්‍යයේ ඔගොස්ටෝ පිනෝෂෙ ආදීහු සිය දූෂිත වත්කම් පැනමා රාජ්‍යට ගෙන ආහ. බදු සුරපුරයක් වශයෙන් පැවති පැනමාවේ බදු ගමන් මග යම් වෙනසක් ඇති කිරීමට 1983 වසරේ ඇති වූ හමුදා කුමන්ත‍්‍රණය ඉවහල් විය. පැනමා ආරක්ෂක හමුදාවේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කල මැනුවෙන් නොරිගා හමුදා බලයෙන් රට අල්ලා ගැනීමෙන් පසු මුදල් විශුද්ධිකරණ කි‍්‍රයාවලිය ජනසතු කෙරින. අවසානයේ දී 1989 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී පැනමාවේ හමුදා පාලනය පෙරළා දමනු ලැබිණ. පැනමාව ගත් විට ලෝක ආර්ථීකයට දක්වන කිසිඳු ධනාත්මක දායකත්වයක් නොමැත. කරන ප‍්‍රධානම දේ වන්නේ බදු හොරුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. පැනමාවේ මෙවැනි හොර මුදල් සඳහා පහසුකම් සැපයීම සඳහා වෙනම මූල්‍ය උපදේශක පැලැන්තියක් ද නිර්මාණය වී තිබේ. 

                                       මේ ආකාරයෙන් දූෂිත නිලධාරීන් දේශපාලඥයන් මුදල් වැඩි වශයෙන් සොරකම් කරන්නේ දියුණු වෙමින් පවතින ලෝකයේ රටවල්වලයි. දුප්පත් මිනිසුන්ට අයත් ලෝකයේ මහජන ධනය සොරාගෙන ගොස් පැනමාව වැනි රටවල්වල ඔවුහු සගවති. පැනමාව පමණක් නොව බර්මියුඩා කේමන් දූපත් ආදී තැන් ද ඒ සඳහා යොදා ගැනේ. ගබ්‍බියෙල් සුක්මන් විසින් රචිත ඔයැ යසාාැබ ඇ්කඑය දෙ බ්එසදබි නම් කෘතියේදී පෙන්වා දෙනු ලබන්නේ පොදුවේ ගත් විට ලෝක මූල්‍ය පද්ධතියෙන් 8 ක් පමණ මේ ආකාරයෙන් සොරකම් කෙරෙන බවයි. මෙසේ සොරකම් කරන ප‍්‍රමාණයත් එක් එක්  රට අනුව වෙනස් වේ. ඇතැම් රටවල්වල අඩු ප‍්‍රතිශතයක් වන අතර ඇතැම් රටවල ජාතික ධනයෙන් 50 කටත් වැඩි ප‍්‍රමාණයක් සොරකම් කෙරේ. පැනමා හෙළිදරව්ව තුළින් දෙස් විදෙස් ධනවත් පුද්ගලයින් රැසකගේ නම් හෙළිදරව් විය. රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, ව්‍යාපාරිකයින්, නළු නිලියන්, ක‍්‍රීඩකයින් ඒ අතර වේ.

Sunday, July 15, 2018

වී. අයි. ලෙනින් විප්ලවාදියකු ලෙස බිහි වීමට බලපෑ සමාජ, සංස්කෘතික සාධක පිළිබඳ විමසුමක්.


                      ලෝකයේ බිහි වූ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යයේ නිර්මාතෘවරයා ලෙස ලෝක පූජිත වූයේ වී. අයි ලෙනින්ය. 1870 අපේ‍්‍රල් මස 22 වන දින රුසියාවේ වොල්ගා ප‍්‍රදේශයේ සිම්බි‍්‍රස්ක්හි දී ව්ලද්මීර් ඉලිව් උල්යානොව් යන නමින් දරුවන් සය දෙනෙකුගෙන් යුත් මධ්‍යම පාංතික පවුලක තුන් වන දරුවා ලෙස මොහු උපත ලැබීය. මොහු උපත ලබන විට රුසියාව එවකට වාණිජ ආර්ථිකයත් සමඟ ජාතික රාජ්‍ය වශයෙන් බලවත්ව නැගී සිටි එංගලන්තය, ප‍්‍රංශය ආදි යුරෝපයේ සෙසු රාජ්‍ය හා සම කරන විට දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඉතා දුර්වල තත්වයක පැවතුනි. වැඩවසම් අර්ථ ක‍්‍රමයක් රටේ මුල් බැස ගෙන පැවති අතර ගොවි, කම්කරු ජනතාව ඉතාමත් පීඩිත ජීවිත ගත කලේය.  ලෙනින්ගේ මව වෛද්‍යවරයකුගේ දියණියක් වූ මරියා ඇලෙක්සැන්ඩෝර්වනා වූ අතර ඇය ගුරුවරියකි. ඇය ඉතාමත් උගත් තැනැත්තියක් වූ අතර තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය බොහෝ සේ වෙහෙස මහන්සි විය. පියා ඉල්යා නිකලොව් ඉතාමත් දරිද්‍ර පවුලක විසූ අධ්‍යාපනය තුළින් ස්ව උත්සාහයයෙන් නැගී සිට රජයේ පාසල් පරීක්ෂකයෙකු ලෙස සේවය කලේය. ඔහු ලෙනින්ට වයස අවුරුදු 17 වන විට මිය ගියේය.

                                                      සිම්බි‍්‍රක්ස්හි රජයේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල පටන්ම දක්ෂ ශිෂ්‍යයකු ලෙස කැපී පෙනුනු අතර පාසලේ හොඳම ශිෂ්‍යයාට හිමි පදක්කම ද හිමි කර ගත්තේය. මොහුගේ දක්ෂතා වලට මූලිකවම බලපෑවේ මොහුගේ පවුලේ පරිසරයයි. ඔහු තම මවගෙන් බොහෝ දේ උගත්තේය. ඇය ඔහු ලිවීමට, කියවීමට මෙන්ම පියානෝ වාදනයටත් යොමු කලේය. ඔහු කුඩා කාලයේ දීම ග‍්‍රීක, ලතින් භාෂා හොඳින් උගත් අතර පසුව ඔහුට ඉංග‍්‍රීසි, ජර්මන්, ප‍්‍රංශ, ස්වීඩන්, පෝලන්ත, ඉතාලි වැනි භාෂා ද මැනවින් ලියන්නටත් කතා කරන්නටත් හැකියාව ලැබුනි. පාසලේ අධ්‍යාපනයට දුර්වලතා දැක් වූ තම මිතුරන්ට පාඩම් කියා දෙමින් ඔවුන් දිරිමත් කල මොහු තුළ පරාර්ථකාමී ගති ලක්ෂණ කුඩා වියේ පටන්ම දක්නට ලැබුනි. කුඩා කල පටන්ම ක‍්‍රියාශීලී මෙන්ම ප‍්‍රීතිමත්, විනෝදකාමී දරුවෙක් වූ ලෙනින් ක‍්‍රීඩා වලටත් දස්කම් දැක් වූ අතර පිහිනීමටත්, හිම ක‍්‍රීඩා කිරීමටත්, කඳු නැගීමටත්, දඩයමේ යාමටත්, සංචාරය කිරීමටත්  ප‍්‍රිය කලේය. 

                                    පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු ලෙනින් උසස් අධ්‍යාපනය සඳහා නීතිය හැදෑරීමේ අරමුණින් කසාන් විශ්ව විද්‍යාලයට 1887 දී ඇතුළත් විය එහෙත් එයට ඇතුළත් වී කෙටි කලකින්ම ශිෂ්‍ය පෙළපාලියකට සම්බන්ධ වීම නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීය. එහෙත් මහුගේ මවගේ ඉල්ලීම මත ඔහුට විභාගයට පෙනී සිටීමට හැකි වූ අතර ඉන් ඔහු පළමුවැනියා ලෙස ඉහළ සාමාර්ථයක් හිමි කර ගත්තේය. ඉන් පසු කෙටි කලක් නීතීඥ වෘත්තියේ නියැලූන ලෙනින් පීඩිත ජනතාව වෙනුවෙන් ක‍්‍රියා කිරීමට යොමු විය. ච. ක කෘප්ස්කායා නම් විප්ලවවාදී මිතුරිය සමඟ ඔහු විවාහ විය.  ලෙනින් සාමාන්‍ය පවුලක උගත්, බුද්ධිමත් පුද්ගලයෙකි. ඔහු රුසියාවේ උපත ලබන විට සාර් පාලනය යටතේ ගොවි, කම්කරු ජනතාව ඉතා පීඩිත දිවියක් ගත කරමින් සිටියේය. ප‍්‍රවේණි දාසයින් ලෙස ඔවුන් රදළයින්ගේ දේපළක් බවට පත්ව කිසිදු මානව අයිතිවාසිකමකටවත් හිමිකම් නොකියූ පිරිසක් බවට පත්ව සිටියේය. කුඩා කල පටන්ම මෙම සමාජ පරිසරය දෙස සුපරික්ෂාකාරීව ලෙනින් බැලූවේය. ඒ නිසාම ඔහු තරුණ වියට එලඹීමත් සමඟ පීඩිත ජනතාවගේ ගැලවුම්කරුවා වශයෙන් ඉදිරිපත් වෙමින් සාර් පාලනයට එරෙහිව විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකට එළඹුනේය. ලෙනින් එලෙස විප්ලවවාදියකු ලෙස බිහි වීමට සමාජ, සංස්කෘතික සාධක රැසක් බලපෑවේය. එහි ප‍්‍රධානම බලපෑම සිදු වූයේ ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඇලෙක්සැන්ඩර් අතිනි.  ඇලෙක්සැන්ඩර් ශාන්තපීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ආදර්ශමත් ශිෂ්‍යයකු වූ අතර ඔහු 1886 දී පණුවන් පිළිබඳ සත්ව විද්‍යා පර්යේෂණයට රන් පදක්කමක් දිනා ගත්තේය. ඔහු 3 වන සාර් රජු ඝාතණය කිරීමේ අරමුණින් එම රන් පදක්කම උකස් කර ඩයිනමයිට් මිල දී ගත්තේය. එය දැන ගත් පොලීසිය ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ සහෝදරිය  අත්තඩංගුවට ගෙන ඇලෙක්සැන්ඩර්ට මරණිය දණ්ඩනයත් සහෝදරිය ටාටර් දේශයට පිටුවහල් කිරීමත් සිදු විය. එවිට ලෙනින් 17 වන වියේ පසු වූ අතර ඒ වන විට ඔවුන්ගේ පියා මිය ගොස් ද වැඩි කාලයක් ගත වී තිබුනේ නැත. ඒ නිසා මෙම සිදුවීම ලෙනින් තුළ සාර් පාලනය කෙරෙහි ප‍්‍රබල වෛරයක් ඇති වීමට හේතු විය.

                                   එසේම ලෙනින් පාසල් යන කාලයේ සිදු වූ සිදුවීම් තුළින් ද කුඩා කල පටන් ඔහු තුළ පැවති විප්ලවවාදී ගති ලක්ෂණ පිළිඹිඹු විය. එක්  දිනක් ලෙනින්ගේ මුල් ගුරුවරයා ලෙනින් ලියන ලද රචනාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගෙන් මෙසේ විමසීය. ” ඔබ මෙහි ලියා ඇති පීඩිත පංති මොනවාද? ඒවායේ මීට ඇති සම්බන්ධය කුමක්ද? ” කුඩා වයසක දී පවා පැවති සමාජ ක‍්‍රමය පිළිබඳ මනා වැටහීමක් ලෙනින්ට පැවති බව මේ තුළින් වටහා ගත හැකි වන අතර මේ සඳහා බලපෑවේ ලෙනින් වැඩි වශයෙන් පොත පත කියවීමයි. පුෂ්කින්, ගොගොල්, තුර්ගේනෙව්, තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි වැනි ශ්‍රේෂ්ඨ රුසියානු කතුවරුන්ගේ පොත් මෙන්ම කාල් මාක්ස්  හා ෆෙඞ්රික් එංගල්ස්ගේ පොත් පත් කියවීම නිසා ද ඔහු තුළ විප්ලවවාදී ගති ලක්ෂණ ඇති වීමට හේතු වූයේය.

                             එසේම ප්ලේකානොව්ගේ ඇසුරද තව දුරටත් ඔහු තුළ පැවති විප්ලවවාදී ගති ලක්ෂණ දළු ලා වැඞීමට හේතු විය. රුසියාවට මාක්ස්වාදය හඳුන්වාදුන්නේ ප්ලේකානොව්ය.ඔහු ලෙනින්ගේ ගුරුවරයාය. 1883 දී ප්ලේකානොව්ගේ නායකත්වයෙන් බිහි වූ ශ‍්‍රම විමුක්ති කණ්ඩායමේ ද ලෙනින් ක‍්‍රියාකාරී සාමාජිකයෙකු සේ ක‍්‍රියා කලේය. මේ නිසා ප්ලේකානොව්ගේ ගුරු හරුකම් නිරතුරුවම ලෙනින්ට හිමි විය. මීට අමතරව ලෙනින්ට මවගෙන් ලැබුනු ආභාෂය ද මේ සඳහා තදින්ම බලපෑවේය. ඔහුගේ මව සෑම විටම ලෙනින් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට යොමු කරවීය. ඇය තුළ නිරතුරුවම පරාර්ථකාමී ගති ලක්ෂණ දක්නට ලැබුනි. ඒ නිසාම ඇය කිසිදු අයුරකින් ලෙනින් අසරණ ජනතාව වෙනුවෙන් සිදු කල අරගල වලට විරුද්ධ වූයේ නැත.

                                                ලෙනින් නීතීඥවරයකු වීමට පෙර ශිෂ්‍ය අවධියේ සිටම සාර් පාලනයට එරෙහිව හඬ නැගීය. නීතීඥවරයකු බවට පත් වීමෙන් පසු ඔහු තම වෘත්තිය අතහැර පීඩිත ගොවි, කම්කරු ජනතාවගේ යහපත වෙනුවෙන් ක‍්‍රියා කිරීම ආරම්භ කරන ලදී. ජනතාව සංවිධානය කරමින් කැරලි ගැසීම් පිළිබඳ ලෙනින්ව අත්තඩංගුවට ගැනීමට සාර් හමුදාව මාන බලමින් සිටියේය. මේ නිසා ලෙනින් තම මුල් නම වූ ව්ලද්මීර් ඉලිව් උල්යානොව් නම වෙනුවට ලෙනින් යන ආරූඪ නාමය භාවිතා කරන්නට විය. රුසියාව පුරා ලෙනින්ගේ ජනප‍්‍රියත්වය සිදු වන්නේ මෙම නම හරහාය. අදටත් ලෝකයේම ජනතාව ලෙනින් හඳුනාගන්නේ එම නමින් මිස ඔහුගේ මුල් නමින් නොවේ.  කෙසේ වෙතත් ලෙනින් අසරණ පීඩිත ජනතාව වෙනුවෙන් ගම් දනව් පුරා සැරි සරමින් නූගත් ජනතාවට සත්‍ය වටහා දීමට රැුස්වීම් පවත්වන ලදී. මේ නිසා සියළු දුක් විඳ දරා ගනිමින් සිටි ජනතාව සත්‍ය වටහා ගෙන තම එකම ගැලවුම්කරුවා ලෙස ලෙනින් අනුකරණය කරන්නට පෙළඹුනි. කෙටි කලකින්ම ලෙනින් ජනතාව අතර ජනප‍්‍රිය ප‍්‍රතිරූපයක් බවට පත් විය. එයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ ඔහු තුළ පැවති චතුර කථිකත්වයයි. ඒ බව මෙක්සිකෝවේ සෙන් කතයාමා කල පහත ප‍්‍රකාශයෙන් මනාව පැහැදිළි වේ.

ලෙනින් සහෝදරයා පැය තුනක් තිස්සේ කතා කලත් වෙහෙසට පත් වී නැත. හඬ උස් පහත් නොකොට කතා කරන හෙතෙම හැම කරුණක්ම විස්තර කරයි. එක පිට එක තර්ක ඉදිරිපත් කරයි. අසන්නෝ හුස්ම නොගෙන ඔහුගේ කටින් පිට වන වචන අසා සිටී. ඔහුගේ කතා විලාශයෙහි අලංකාරෝක්ති නැත. ඔහු අත් පා දිග හරිමින් අංග චලනය නොකරයි. එහෙත් ඔහු අසන්නාගේ සිත් වශී කලාක් මෙන් ඇඳ බැඳ සිටී. ඔහු කතා කිරීමට පටන් ගත් විට මුළු රඟහලම නිහඬය. අසන්නන් වශී කිරීමට මෙන් හෙතෙම ශාලාව දෙස බැලීය. පැය තුනක් තිස්සේ ඔහුගේ කතාව අසා සිටි එක් අයෙකු වත් කැස්සේ හෝ සෙලවුනේ නැත. නෙත් සිත් ඇද ගැනීමට සමත් ලෙනින් දකින හැම කෙනෙක්ම ඔහුට වශී වූහ. මා දුටු ශ්‍රේෂ්ඨතම කථිකයා ලෙනින් සහෝදරයාය. ”

                                 1895 දී ලෙනින් අත්තඩංගුවට පත් වූ අතර කිසිදු නඩු විභාගයකින් තොරව ඔහුව සයිබීරියාවට පිටුවහල් කරන ලදී. මෙම කාලය තුළ මොහු වැඩි වශයෙන් සිදු කලේ මූලික පත පොත කියවීම, පරිවර්තනය කිරීම මෙන්ම අලූතින් පොත් ලිවීමයි. ලෙනින් තම මාක්ස්වාදී අදහස් වැඩි වශයෙන් ව්‍යාප්ත කලේ තම පොත් හරහාය. ඔහුගේ පොත් තුළින් විප්ලවය මෙහෙය වීම, නිර්ධන පංති ආඥ්ඥාදායකත්වය, සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම පිළිබඳව සඳහන් වූ අතර දේශපාලනික, ආර්ථික, සමාජ, සංස්කෘතික කරුණු අරභයා ඔහු විසින් ලියන ලද පොත් ගණන 72කට වඩා වැඩිය.  ලෙනින්ගේ එක් පොතක් හෝ සන්තකයේ නැති පුද්ගලයෙක් එකල රුසියාව තුළ නොසිටියේය. ඒ තරමටම ලෙනි්න්ගේ පොත් ජනප‍්‍රිය වූයේ එම පොත් තුළ තර්කානුකූල අදහස් මෙන්ම පීඩිත ජනතාවගේ බුද්ධියට ඒ තුළින් කතා කල නිසාය. රුසියාවේ පාසල් ළමුන්ට ලෙනින්ගේ ඇතැම් පොත් කියවීම අනිවාර්ය කර තිබේ. 

                                        මීට අමතරව සයිබීරියාවේ සිටින කාලය තුළ ලෙනින් පීඩිත ජනතාව වෙනුවෙන් පක්ෂයක් ගොඩ නැගීමට අවශ්‍ය සැලසුම් ද සකස් කලේය. ඒ අනුව සයිබීරියාවෙන් පිටත්ව ලෙනින් නගරයෙන් නගරයට ගමන් කරමින් ඒ වන විට ක‍්‍රියාකාරීව සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම් ඒකරාශී කර ගෙන රහසිගතව 1898 දී රුසියානු කම්කරු සමාජවාදී පක්ෂය පිහිටුවන ලදී. පක්ෂයේ කටයුතුවලට මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව මත පුවත්පතක අවශ්‍යතාව දුටු ලෙනින් 1900 දී ඉස්ක්රා (ගිණි පුපුර ) යන නමින් පවත්පතක් ආරම්භ කලේය. අවදානම් සහගත තත්වය යටතේ පුවත්පත රුසියාවේ මුද්‍රණය කිරීමට නොහැකි නිසා ස්වීඩනයේ ටියුනික් නගරයේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන ලදී. පුවත්පත ඉහළින්ම ” ගිණි පුපුරක් ගින්නක් දල්වනු ඇත” යනුවෙන් උද්්‍යෝග පාඨයක් සඳහන් කරමින් ඒ තුළින් පුවත්පත කෙරෙහි ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට උත්සාහ කලේය. ලෙනින් ගිණි පුපුර සමාන කලේ පීඩිත පංතියේ ජනතාවටයි. ඒ අනුව ගිණි පුුපුරු රාශියක් එකතු වීමෙන් මහා ගින්නක් දැල්විය හැකි සේ පීඩිත ජනතාව විශාල වශයෙන් එකතු වුව හොත් සාර් පාලනය බිද දැමිය හැකි බව ඒ තුළින් ඒත්තු ගැන්වීය. පුවත්පත රහසිගතව රුසියාවට ගෙන යා යුතු වූ නිසා ඒ සඳහා සූට් කේස් තුළ, පොත් බැමි අතර, ගණ කබා තුළ, සපත්තු තුළ, සෙල්ලම් බඩු සමඟ සඟවා යවන ලදී. දුෂ්කරතා මධ්‍යයේ බෙදා හැරීම් සිදු කල ද ලෙනින්ගේ ලිපි මේ තුළ ඇතුළත් වීම නිසා පුවත්පත ජනතාව අතර ජනප‍්‍රිය විය. මේ නිසා පුවත්පතට ඇති ඉල්ලූම ඉහළ යාම නිසා රහසිගතව රුසියාවේ බකුකිෂිනෝ නගරයේ ද රහසිගතව මුද්‍රණාලයක් ආරම්භ කරන ලදී. මෙම පුවත්පත ජනතාව අතර කොතරම් දුරට ජනප‍්‍රිය වූයේ ද යත් එය කිය වූ පාඨකයෙක් මෙසේ පැවසීය. ” පුවත්පත කැබලි වලට කැඩෙන තුරු කියවීමි. එය අපට අගනා වස්තුවකි. එය අපේ සටන ගැන ලියයි. පුවත්පත කොපෙක් වලින් මිල කිරීමට හෝ පැය වලින් මිනීමට නොහැකිය. ” ලෙනින්ගේ ලිපි වලට අමතරව රුසියාවේ මෙන්ම අවට රටවල පැවති උද්ඝෝෂණ, වැඩවර්ජන, පෙළපාලි පිළිබඳව ද මෙම පුවත්පත තුළ ඇතුලත් විම නිසා ජනතාව පුවත්පත කෙරෙහි වැඩි අවධානයක් දැක්වීය. ඉස්ක්රා හරහා ලෝකයේ එතෙක් පුවත්පත් තුළින් සාම්ප‍්‍රදායිකව සිදු වූ කාර්යභාරයට එහා ගිය නව ප‍්‍රවිෂ්ඨයක් ලෙනින් විසින් ආරම්භ කරන ලදී.

                                  1912 වසන්ත සමයේ ලේනා ගංඟාව අසල කම්කරුවන්ට සාර් හමුදාව වෙඩි තැබීමත් සමඟ රටේ කලබලකාරී තත්වයන් තව දුරටත් වර්ධනය විය. මේ නිසා අරගලයට ජනතාව සක‍්‍රීය ලෙස දායක කර ගැනීම සඳහා සටන්කාමී පුවත්පතක අවශ්‍යතාව මතු විය. එය පසුබිම් කර ගෙන 1912 මැයි 5 වන දා ප‍්‍රව්දා (ඇත්ත ) පක්ෂයේ පුවත්පත ලෙස ආරම්භ විය. මේ කාලය තුළ ලෙනින් පුවත්පතට ලියන ලද ලිපි ප‍්‍රමාණය 208කට අධික විය. ලෙනින් විසින් ප‍්‍රව්දා සාමූහික උද්ඝෝෂකයකු, ප‍්‍රචාරකයකු ලෙස පමණක් නොව බහු ජනතාව අතර සංවිධායකයකු ලෙස ද ක‍්‍රියා කරවීය. ඉස්ක්රා පුවත්පත ලද ජනප‍්‍රියත්වයට වඩා ජනප‍්‍රියත්වයක් ප‍්‍රව්දා විසින් ඉතා කෙටි කලකින්ම අත් කර ගත්තේය. 1913 දී ප‍්‍රව්දා තහනම් වූ නිසා වෙනත් නම් වලින් පල කිරීමට සිදු වුවද එයට පැවති ඉල්ලූම බිඳක්වත් අඩු නොවීය. 1917 මාර්තු 2 වන දා ප‍්‍රව්දා පක්ෂයේ නිල ප‍්‍රකාශනය බවට පත් කල අතර එයට ජනතාව දැක් වූ යහපත් ප‍්‍රතිචාරය නිසා දින තුනකට පසු පුවත්පතේ පිටපත් ලක්ෂයක් මුද්‍රණය කිරීමට සිදු විය. ඒත් සමඟම පුවත්පතේ ඉහළින්ම ” ලෝකයේ සියලූම කම්කරුවනි එක්වව් ” යන උද්්‍යෝග පාඨය ඇතුළත් කිරීම නිසා පුවත්පත අවට රට වල පවා ප‍්‍රසිද්ධ වූ අතර ජනතාව තුළ නව උද්්‍යෝගයක් මේ තුළින් ඇති විය. ලෙනින්ගේ අපේ‍්‍රල් තිසීසය නම් ඉතාමත් ප‍්‍රසිද්ධ ලිපිය පුවත්පතේ පල වූයේද මේ කාලයේදීය. 1917 දී සාර් පාලනය බිඳ දමා පීඩිත පංතිය විප්ලවය ජයග‍්‍රහණය කල ද ප‍්‍රව්දා තම කාර්යභාරය තවදුරටත් දිනූ ජය ආරක්ෂා කර ගැනීමට කටයුතු කලේය. ලෙනින්ගේ මග පෙන්වීම යටතේ රුසියාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් වූ පසු සමාජවාදී දර්ශනය ලෝකයේ කොතරම් දුරට ජනප‍්‍රිය වූයේද යත් ඒ අවට පිහිටි රටවල් 14ක් ඒත් සමඟම සමාජවාදී රාජ්‍යයන් බවට පත් විය. ඒවා නම් ආමේනියාව, අසර්බයිජානය, බෙලරුසියාව, ඊස්ටෝනියාව, ජෝර්ජියාව, කසකස්ථානය, කිරිගිස්ථානය, ලැටිවියාව, ලිතුවේනියාව, මෝල්දාවියාව, ටජිකිස්ථානය, ටර්ක්මේනියාව, යුක්රේනය හා උස්බෙකිස්ථානය යි.

                                   ඵීප්ලවය ජයගත් පසුව වුවද ජනතාවගේ නායකයා ලෙස පෙනී සිටිමින් ලෙනින් රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක විය. 1918 වෙඩි ප‍්‍රහාරයකින් ලෙනින් ඉතා අසීරුවෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඉතා මහන්සි වී වැඩ කිරීම නිසා රෝගාතුර වී 1924 ජනවාරි 21 වන දින මෙලොවින් සමු ගත්තේය. දශක 3කට ආසන්න කාලයක් මහජනතාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් සිදු කල ලෙනින්ගේ මරණය රුසියාවේ පමණක් නොව මුළු ලෝකයම කම්පාවට පත් කලේය. අවසන් වරට ඔහුගේ දේහය දැක බලා ගැනීමට අති විශාල ජනකායක් රුසියාවට ගලා ආවේය. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවමංගල්‍ය උත්සවය පවත්වා මොස්කව්හි රතු චතුරස‍්‍රය තුළ ඔහුගේ දේහය තැන්පත් කලේය.ඉන් පසු සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ සහ සහෝදර කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂ වල සිටි ලෙනින්ගේ සගයින් හා ගෝලයින් ලෙනින්ගේ දර්ශනය ඉදිරියට ගෙන ගියේය. කාල් මාක්ස් දුටු සමාජවාදී සිහිනය යතාර්ථයක් බවට පත් කල එකම නායකයා මොහුය. මොහු ලෝකයේ බිහි නොවන්නට සමාජවාදය කාල් මාක්ස්ගේ පොත් වලට පමණක් සීමා වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේම ලෙනින්වාදය ලෙසින් දර්ශනයක් ද ලෝකයට බිහි නොවන්නට ඉඩ තිබුනි. සමාජවාදී දර්ශනය ලෝකයට ගෙන ගිය පළමු නායකයා ලෙස ලෙනින් ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කලේය. අදටත් රුසියානු වැසියන් ලෙනින් දේවත්වයෙන් අදහන අතර ඔහු රටේ ස්ථාපිත කල පාලන තන්ත‍්‍රය නොවෙනස්ව ඉදිරියට ගෙන යති. 

Friday, July 13, 2018

Without the gifts of nature


   

When i wake up in the morning                                         
i want to hear,
the bird singing around me

i want to see,
rising sun over the mountain

i want to breath,
fresh air to fullfill my soul

but………
in this busy city, when can I feel such things………

Monday, July 9, 2018

ජනප‍්‍රිය සංස්කෘතිය

                         
                               
                                                                      
                                                                                              මිනිසා ශිෂ්ටාචාරගත වීම හඳුනාගත හැකි ප‍්‍රබලම සාධකය සංස්කෘතියයි. මිනිසාට ස්වභාවධර්මයෙන් ලැබුනු දේවල් වලට අමතරව එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසා විසින්ම නිර්මාණය කර ගත් සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස, අධ්‍යාපනය, දේශපාලනය, ආගම්, වෘත්තීන්, වෙද හෙදකම්, කලාව, භාෂාව ඒ අතර වේ. සංස්කෘතියේ විවිධ ප‍්‍රභේද පවතී. ඒ අතර ජනප‍්‍රිය සංස්කෘතියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අද සමාජයේ සිදුවන සෑම දෙයක්ම පාහේ සිදු වන්නේ ජනප‍්‍රිය තත්වයන් අපේක්ෂා කරමිනි. ජනප‍්‍රිය යන්නෙහි වචනාර්ථය ‘ජනයා අතර ප‍්‍රිය වූ’, ‘ජනයා සමඟ වැඩෙන’ යන අර්ථ ගෙන දෙයි. එය ඉංග‍්‍රීසි භාෂාවෙන් popular culture  ලෙස අර්ථ ගැන්වේ.14 හා 16 වන සියවස් අතර කාලයේ පුරාණ ග‍්‍රීසියේ පුනරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතියේ බිහි වීම ආරම්භ විය. 19 වන සියවසේ දී ව්‍යවහාරයට එක් වූ ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය සමඟ ප‍්‍රචලිත වූ අතර 20 වන සියවස වන විට වඩාත් ප‍්‍රචලිත විය. ජනප‍්‍රියත්වය කාලයෙන් කාලයට වෙනස් වන සාධකයකි. සමාජයේ පවතින හොඳ මෙන්ම නරක ක‍්‍රියාකාරකම් ද ජනප‍්‍රිය වීමට ගත වන්නේ ඉතාමත් සුළු කාලයකි. යම් කිසි භාණ්ඩයක්, පුද්ගලයෙක්, සිද්ධියක්, චර්යාවක්, විලාසිතාවක් ජනප‍්‍රියත්වයට පත් විය හැක. මෙම කුමන හෝ සාධකයක් ජනප‍්‍රිය වන්නේ එය ජනයාගේ හඳ බැද ගන්නා නිසාය. එයින් ඔවුන්ට යම් කිසි වින්දනයක් නැතිනම් ප‍්‍රයෝජනයක් ලැබෙන නිසාය. සංස්කෘතිය යන්න අධ්‍යයන විෂයක් ලෙස ලෝකයේ වර්ධනය වීමත් සමඟ ඒ තුළ ජනප‍්‍රිය සංස්කෘතිය යන මාතෘකාව ද පුළුල් ලෙස විග‍්‍රහ කිරීම ආරම්භ විය. ලෝකයේ ජනප‍්‍රිය අංග නිර්මාණය වීම ආරම්භ වූයේ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමඟය.       
                                           ජනප‍්‍රිය සංස්කෘතිය යන සංකල්පය සමාජ කථිකාවන් තුළ මගහැර යා නොහැකි සංකල්පයකි.සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කරන විට සංස්කෘතික විකාශනයේ නවතම අංගය ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගත හැකිය. යම් දෙයක් ජනප‍්‍රිය වන්නේ ජනයා අතර නිතර ගැටීමට ලක් වන නිසාය. යම් දෙයක් හුදෙකලාව මනුෂ්‍ය වාසයෙන් වියුක්තව පවතින්නේ නම් එය ජනප‍්‍රිය වන්නේ නැත.පවතින සංස්කෘතික ලක්ෂණ වලට නවීන ලක්ෂණ එක්වීම ද ජනප‍්‍රිය සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වන්නේ මිනිසා ශිෂ්ඨාචාර ගත වීමත් සමඟය. වනාන්තර වලට වී ඉතාමත් ප‍්‍රාථමික දිවි පෙතෙක් ගත කල වානරයින් පරිණාමය වීමෙන් පසුව සමාජය නිර්මාණය කර ගත් අතර ඒ තුළ ඔවුන්ට ආවේණික වූ සංස්කෘතියක් බිහි කර ගැනීමෙන් පසුව එම සංස්කෘතිය තුළ ඔවුන් වඩාත් ප‍්‍රිය කල හා ඔවුන් සමඟ වඩාත් බැදී පැවති අංගයන් ජනප‍්‍රිය සංස්කෘතිය බවට පත් විය. එය භාෂාව, සිරිත් විරිත්, ඇදහිලි, ආහාර, වස්ත‍්‍ර, කලාව, අධ්‍යාපනය, කර්මාන්ත, යනාදී සියල්ල මතින් ගොඩනැගුනි. 
                                    ජනප‍්‍රිය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන ලක්ෂණ ලෙස
x හොඳ හෝ නරක දෙයක් වීම
x කාලයෙන් කාලයට වෙනස් වීම
x බුද්ධියට වඩා හැඟීම් වලට ආමන්ත‍්‍රණය කිරීම
x රසවින්දනය මූලික වීම
x අනුකාරකවාදීබව
x ඇබ්බැහිවීම
x තරඟකාරීත්වය
x වාණිජකරණයට ලක් වීම
x සරළබව
x ආකර්ශනීයබව
                          දැක්විය හැකිය.
                                         ජනප‍්‍රිය සංස්කෘතිය බොහෝ දුරට රදා පවතින්නේ ජනමාධ්‍ය මතය. පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය, රූපවාහිනිය මෙන්ම අන්තර්ජාලය හරහා අද වන විට නව මාධ්‍ය වෙතද අද එය පිවිස තිබේ. කේ. ටියුනර් පවසන ආකාරයට ජනප‍්‍රිය සංස්කෘතිය ජනමාධ්‍ය මතද ජනමාධ්‍ය ජනප‍්‍රිය සංස්කෘතිය මතද වශයෙන් සහවී සම්බන්ධයක් පවතියි.  ජනප‍්‍රිය සංස්කෘතියේ අනෙකුත් අංග අතුරින් ජනප‍්‍රිය චරිත වලට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. යහපත් මෙන්ම අයහපත් චරිත ද ලෝකයේ ජනප‍්‍රියත්වයට පත්ව තිබේ. උදාහරණයක් වශයෙන් ගත හොත් හිට්ලර් ලෝකයට මහත් ව්‍යසනයක් සිදු කල පුද්ගලයෙක. තෙරේසා මව්තුමිය ලෝකයට මහගු සේවයක් කල අයෙකි. එහෙත් මොවුන් දෙදෙනාම ලෝකයේ අදටත් ජනප‍්‍රිය ප‍්‍රතිරූප දෙකකි. ඇතැම් චරිත සමාජයේ ජනප‍්‍රිය වන්නේ එක්තරා කාල වකවානුවකට පමණි. එහෙත් ඇතැම් චරිත වල ජනප‍්‍රියත්වය ඔවුන් මිය ගිය පසුව වුව ද නොවෙනස්ව පවතී. එයට හේතු වන්නේ සහෘද ජන මනස තුළ ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් නිධන්ගතව තිබීමයි. ජනප‍්‍රිය චරිත අනුකරණය කිරීමද මේ නිසා දක්නට ලැබෙන අතර අදාළ චරිතයේ ඇඳුම් පැලඳුම්, අභිචාර විධීන් සාමාන්‍ය ජනතාව අනුකරණය කිරීමට පෙලඹෙති. මෙම අනුකරණය තුළින් මිනිසුන් තම අභිමානය, පෞර්ෂත්වය වර්ධනය කර ගැනීමට උත්සාහ කරති. උදාහරණයක් වශයෙන් ලෝකයේ ඉතාමත් ජනප‍්‍රිය ගායකයෙක් වූ මයිකල් ජැක්සන්ගේ ඇඳුම් විලාසිතා ජනතාව අනුකරණයට පෙළඹීමත් සමඟ වෙළඳපල තුළ තරඟකාරීත්වය ද ඉහළ ගියේය. ඒ නිසා අද වෙළඳ භාණ්ඩ අලෙවි කිරීමේ උපක‍්‍රමයක් ලෙස ද ජනප‍්‍රිය චරිත භාවිතා කරයි. මිනිසුන් ඇතැම් ජනප‍්‍රිය චරිත දේවත්වයෙන් පවා අදහති. ඉංදියාවේ සිනමා නළු නිලියන් එරට ජනතාව දේවත්වයෙන් ඇඳහීම මෙයට කදිම උදාහරණයයි.


Friday, July 6, 2018

බලා හිදිමි මම

සුදු අරලියා මල් පිපෙන ඉසව්වේ
ලා හිරු නැගෙනා සීත උදේ
ඔබ එන පෙර මග බලා හිදින්නට
අවසර ඇයි මට අහිමි වුනේ...............                                 

මුතු කැට පිනි මත පාද තියාලා
හිමිහිට හිමිහිට ඔබ එනවා
ඔය මදහස රැදි හසරැල් කාටද
මගෙ හිත රහසින් විමසනවා..............

ඔබෙන් සිහින මැව් මතකය පමණද
අඳුර පිරුන මගෙ පාළු ලොවේ
කසුන් සඳක් වී පායා එනවද
සේපාලිකා මල් සුවඳ දිගේ...............

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...